Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 7:3 - සිංහල කාලීන පරිවර්තනය

3 ඔබට වරද පවරන පිණිස මා මෙසේ කියනවා නො වේ. කලින් මා ඔබට කියා ඇති පරිදි එකට මැරෙන්නටත්, එකට ජීවත් වන්නටත් අප හදවත් තුළ ඔබ සිටී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මා එසේ කියන්නේ ඔබට වරද තබන අදහසින් නොවේ. මා කලින් කී පරිදි, මැරෙතත් ජීවත් වෙතත් අපි හිතවත්කමින් ඔබ හා එකට බැඳී සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මා එසේ කියන්නේ ඔබට වරද තබන අදහසින් නොවේ. මා කලින් කී පරිදි, මැරෙතත් ජීවත් වෙතත් අපි හිතවත්කමින් ඔබ හා එකට බැඳී සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මා එසේ කියන්නේ නුඹලාට වරද තබන පිණිස නොවේ. මක්නිසාද නුඹලා එක්ව මැරෙන්ටත් එක්ව ජීවත්වෙන්ටත් නුඹලා අපේ සිත්වල දරමුයයි පළමුවෙන්ම කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 7:3
12 හුවමාරු යොමු  

කොතරම් අප ඔබට ප්‍රේමණීයව ඇලුම් වූයේ ද යත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නො ව, අපේ ජීවිත ද ඔබ හා බෙදා ගැනීමට අපි සතුටුව සිටියෙමු. ඒතරමට ඔබ අපට ප්‍රිය වූහ.


ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.


එබැවින් ඔබගේ ආත්ම උදෙසා දැඩි සොම්නසින් මම වැය වන්නෙමි; වැය කරනු ලබන්නෙමි. මා ඔබට වඩාත් ප්‍රේම කරන්නෙම් නම්, මා අඩුවෙන් ප්‍රේම කරනු ලබන්නෙම් ද?


ඒ ඇයි? මා ඔබට ප්‍රේම නො කරන නිසා ද? මා ප්‍රේම කරන වග දෙවියන්වහන්සේ දන්නා සේක.


මා ඔබට ලියූ නමුදු, එසේ කළේ වරද කළ තැනැත්තා උදෙසා නො වේ; වරද විඳි තැනැත්තා උදෙසා ද නො වේ. දෙවියන්වහන්සේ හමුවේ අප කෙරේ ඇති ඔබගේ උනන්දුව ඔබටම එළිදරවු වීම සඳහා ය.


හැමටම දැනගැනීමටත්, කියවීමටත් අපගේ හදවත් මත ලියන ලද අපගේ රෙකමදාරු ලිපිය ඔබ ය.


මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්