Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 5:17 - සිංහල කාලීන පරිවර්තනය

17 එබැවින්, යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ වේ නම්, ඔහු නව මැවිල්ලකි. පැරැන්න පහව ගොස් ඇත, මෙන්න! අලුත් භාවය පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 5:17
46 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක.


මන්ද නව මැවිල්ල මිස, චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ගණන් නො ගැණේ.


එබැවින් දැන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නවුන් දඬුවමට පත් කිරීමක් නැත.


දෙවියන්වහන්සේ විසින් කලින් සූදානම් කරන ලද යහපත්කම් කරන පිණිස, ඒවා තුළ හැසිරෙන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවන ලද්දවුන් වන අප දෙවියන්වහන්සේගේම හස්ත කර්මාන්ත වේ.


දෙවියන්වහන්සේ කරණකොටගෙන ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහු ය. අපගේ ප්‍රඥාවත්, ධර්මිෂ්ඨකමත්, අපගේ පවිත්‍රතාව හා අපගේ මිදීමත් ක්‍රිස්තුස්වහන්සේම බවට පත් කළේ ද දෙවියන්වහන්සේ ය.


“මිදි වැල මමයි; එහි අතු ඔබයි. යමෙක් මා තුළ රඳා පැවත සිටින්නේ ද, මා ඔහු තුළ සිටින්නේ ද, බොහෝ පල දරන්නේ ඔහු ය. මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නො හැකි ය.


පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.


එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි දහම් නීතියෙන් නිදහස්ව සිටින්නෙමු. එසේව ඇත්තේ, ලිඛිත පැරණි නීති මාලාවක් යටතේ නො ව, ආත්මයාණන්ගේ නව ජීවනයක් තුළ සේවය කරන පිණිස ය.


එබැවින් මෙතැන් පටන් අප, මාංසයට අනුව කිසිවකු සලකන්නේ නැත. වරක් අප ක්‍රිස්තුස්වහන්සේ මාංසයට අනුව සැලකූ නමුදු, තවදුරටත් උන්වහන්සේ ගැන එසේ සලකන්නේ නැත.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කෙනකු වතුරින් හා ආත්මයාණන්ගෙන් උපන්නොත් මිස, ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නො හැකියි.


ආඥා හා නියෝග රැගත් දහම් නීති අහෝසි කරමිනි. උන්වහන්සේගේ අරමුණ වූයේ මේ දෙගොල්ලගෙන් තමන්වහන්සේ තුළ එක නව මිනිසකු නිර්මාණ කිරීමත්, එසේ සාමය සලසමින්,


එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙකි.


මා තුළ ඇති පල නො දරන හැම අත්තක් ම උන්වහන්සේ කපා හරින සේක්, පල දරන අතු හැම වඩාත් පල දරන පිණිස කප්පාදු කරන සේක.


මා ඔවුන් තුළත්, ඔබ මා තුළත් සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ඒකත්වයට පත්වීමෙන් ඔබ මා එවූ බවත්, ඔබ, මට මෙන්ම මොවුන්ට ද ප්‍රේම කළ බවත් ලෝකයා දැනගන්නා පිණිස ය.


ඒ දවසේ මා, මගේ පියාණන්වහන්සේ තුළත්, ඔබ මා තුළත්, මා ඔබ තුළත් වන වග ඔබ වටහා ගනු ඇත.


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


“ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි.


අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.


මා ළමයකුව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි.


එනම්, දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ලෝකයා තමන්වහන්සේට සමඟි කර ගනිමින්, ඔවුන්ගේ පාප ඔවුන්ට එරෙහිව ගණන් නො ගෙන, එසේ සමඟි කිරීමේ පණිවුඩය අපට පවරා දී ඇති බව ය.


වසර දාහතරකට උඩදී, තුන් වන ස්වර්ගයට ඔසවා ගනු ලැබූ, ක්‍රිස්තුස්වහන්සේ තුළ මනුෂ්‍යයකු ගැන මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්තව ද නැතහොත් ශරීරයෙන් වියුක්තවදැයි මා දන්නේ නැත; දෙවියන්වහන්සේ දන්නා සේක.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවතුන් හැම දෙනාට ආචාර කරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති.


මගේ සහෝදර සිරකරුවන් හා මාගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.


මාගේ නෑයකු වූ හෙරෝදියන්ටත්, ස්වාමින්වහන්සේ තුළ නාර්කිසස්ගේ පවුලේ අයටත් ආචාර කරන්න!


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සේවකයින් වූ ප්‍රිස්කා හා අකිලාට ආචාර කරන්න.


ක්‍රිස්තුස්වහන්සේ තුළ මගේ හවුල් වැඩකරුවා වූ උර්බානස්ටත්, මා ප්‍රේමණීය ස්ටාකිස්ටත් ආචාර කරන්න!


ක්‍රිස්තුස්වහන්සේ තුළ අනුමත අපොල්ලොස්ට ආචාර කරන්න; අරිස්තොබුලස්ගේ පවුලට අයත් වූවන්ට ආචාර කරන්න!


අලුත් මිදි යුෂ අලුත් සම් මලුවල දැමිය යුතු වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්