Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 5:1 - සිංහල කාලීන පරිවර්තනය

1 අපගේ භූමික නිවාසය වන කූඩාරම විනාශ කරනු ලැබුවත්, මිනිස් අතින් නො සෑදුණු ස්වර්ගයේ සදාතනික නිවසක් වූ ගොඩනැගිල්ලක් දෙවියන්වහන්සේගෙන් අපට තිබෙන වග අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 5:1
25 හුවමාරු යොමු  

ප්‍රේමණීයයනි, දැන් අප දෙවියන්වහන්සේගේ දරුවන් ය; අප කෙබඳු අය වේදැයි තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් උන්වහන්සේ ප්‍රකාශ වන කල, අපත් උන්වහන්සේ හා සමාන වන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ සිටින ලෙසම අපි උන්වහන්සේ දකින්නෙමු.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ ඇතුළු වූයේ, සැබෑ දේවල අනුරූප වන මිනිස් අතින් සෑදුණු ශුද්ධස්ථානයකට නො වේ; අප උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ දැන් පෙනී සිටින පිණිස, උන්වහන්සේ ස්වර්ගයටම ඇතුළු වූ සේක.


එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය.


ක්‍රිස්තුස්වහන්සේ, දැන් පැමිණ තිබෙන යහපත් දේවල උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි කල, (අත්වලින් තනනු නො ලැබූ, මේ මැවිල්ලට අයත් නො වූ) උතුම් වූ, වඩා පරිපූර්ණ වූ කූඩාරමට,


විනාශ නො වන, දූෂ්‍ය නො වන, මැලවී නො යන ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන උරුමයකට ය.


මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මඟින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය.


“ ‘අත්වලින් තැනූ මේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් මම අතින් නො තැනූ තවෙකක් ගොඩ නගමි’ කියා මොහු කියනවා අපට ඇසුණා” යි කීහ.


මේ මුළු විශ්වයම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත්ව, දේව-භක්තිකව ජීවත් විය යුතු වන්නේ,


උන්වහන්සේ තුළ ඔබත් චර්මඡේද කරනු ලැබ ඇත. මිනිස් අතින් සිදු වූ චර්ම-ඡේදනයක් නො වන එය, ඔබේ මාංසික ශරීරය පහකරමින්, ක්‍රිස්තුස්වහන්සේ විසින් කරන ලද චර්ම-ඡේදනයකි.


අප සත්‍යයට අයත් බව දැනගන්නේත්, උන්වහන්සේ ඉදිරියේ අප හදවතේ සහතිකයක් ඇති කරගන්නේත් මෙලෙසිනි;


අප දන්නා පරිදි අපි මරණයෙන් එතෙරව ජීවනයට ඇතුල්ව සිටින්නෙමු; මන්ද අපි සහෝදරයනට ප්‍රේම කරන්නෙමු. ප්‍රේම නො කරන කවුරුන් වුව මරණයේ රැඳී සිටී.


මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය.


මන්ද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෝ ය. දෙවියන්වහන්සේගේ කෙතත්, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලත් ඔබ ය.


මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.


“එසේ වුව ද මහෝත්තමයාණෝ මිනිස් අතින් නිම වූ ගෘහවල නො වසන සේක. දිවැසිවරයා ඒ ගැන සඳහන් කරන්නේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්