Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 4:6 - සිංහල කාලීන පරිවර්තනය

6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 4:6
35 හුවමාරු යොමු  

එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි.


වඩාත් සත්‍ය වගට තහවුරු වූ දිවැස් වැකි අපට තිබේ. දවස උදා වී, පහන් තරුව ඔබේ හදේ පායන තෙක් අඳුරු තැනක බබළන පහනක් සේ, ඒවා වෙත ඔබේ අවධානය යොමු කිරීම වටී.


වරක් ඔබ අන්ධකාරයව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්,


එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.


උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.


එබැවින්, අපි සැවොම වැස්මෙන් තොර මුහුණින් ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතක් සේ පිළිබිඹු කරමින්, උන්වහන්සේගේ ස්වරූපයට තේජසින් තේජසට වෙනස් කරනු ලබන්නෙමු. එසේ වන්නේ ස්වාමින්වහන්සේ වන ආත්මයාණන්වහන්සේ වෙතිනි.


යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.


අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය වන උන්වහන්සේ, සකල මැවිල්ලේ කුලුඳුලාණන් ය;


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ වූ තේජසේ පියාණන්වහන්සේ වඩා හොඳින් දැනගන්නා පිණිස, ප්‍රඥාවේ හා එළිදරවුවේ ආත්මයක් ඔබට ලබා දෙන ලෙසට ය.


වචනයාණෝ මාංසය බවට පත්ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එකම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු.


ඔවුන් සේවය කළේ, තමන්ටම නො ව, ඔබට වග ඔවුනට එළිදරවු කෙරිණ. ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ශුභාරංචිය ඔබට දේශනා කරන ලද්දවුන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරනු ලබන්නේ, ඒ දෑම ය. මේ දෑ දැක බලා ගැනීමට දේව දූතයෝ පවා දැඩි සේ ආශා වන්නෝ ය.


උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්, දෙවියන්වහන්සේ හා සමව සිටීම, තදින් අල්ලාගන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,


යෙසායා මේ දෑ කීවේ, උන්වහන්සේගේ තේජෝ මහිමය දුටු නිසා, උන්වහන්සේ ගැන කතා කරමිනි.


“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුදැයි හඳුනන්නේ නැතැ” යි පැවසූ සේක.


අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.


ආත්මයාණන් මඟින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද


ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය.


තවද ඔබගේ හදවත්-ඇස්, අවබෝධයෙන් එළිය කරන ලෙස ද මම යාච්ඤා කරමි. එසේ කරන්නේ, උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කුමක් ද යන්නත්, ශුද්ධවන්තයින් අතරේ උන්වහන්සේගේ මහිමවත් උරුමයේ ඉසුර කවරේ ද යන්නත්,


එසේ කළේ තමන්වහන්සේගේ රාජ්‍යටත්, තේජසටත් ඔබ කැඳවාගත් දෙවියන්වහන්සේට ඔබින පරිදි දිවි ගෙවන ලෙස ඔබට අවවාද කරමිනි; දිරි ගන්වමිනි; අණ කරමිනි.


මන්ද වරක් සත්‍යාබෝධ කරනු ලැබූ, ස්වර්ගීක දීමනාවේ රස විඳි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ පංගුකාර වූ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්