Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 4:18 - සිංහල කාලීන පරිවර්තනය

18 එබැවින් පෙනෙන්නට ඇති දේ දෙස නො ව, පෙනෙන්නට නැති දේ දෙස අපි දෑස් දල්වා සිටින්නෙමු. මන්ද පෙනෙන්නට ඇති දේ තාවකාලික ය; පෙනෙන්නට නැති දේ සදාතනික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මන්ද, අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙස ය. දෘශ්‍යමාන දේ තාවකාලික ය; අදෘශ්‍යමාන දේ සදාතනික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මන්ද, අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙස ය. දෘශ්‍යමාන දේ තාවකාලික ය; අදෘශ්‍යමාන දේ සදාතනික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 4:18
12 හුවමාරු යොමු  

මන්ද අප ජීවත් වන්නේ ඇදහිල්ලෙනි; දැකීමෙන් නො වේ.


ඇදහිල්ල නම්, බලාපොරොත්තු වන දේ ගැන ඇති සහතිකයයි; නො දක්නා දේ ගැන ඇති නිසැක කමයි.


උන්වහන්සේ අපට වූ පොරොන්දුව මෙයයි; එනම්, සදාතන ජීවනයයි.


ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකුම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි.


“මෙසේ ඔවුහු සදාතන දඬුවමට යති. එහෙත්, ධර්මිෂ්ඨයෝ සදාතන ජීවනයට යන්නෝ යැ” යි පැවසූ සේක.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද


ක්‍රිස්තුස්වහන්සේ, දැන් පැමිණ තිබෙන යහපත් දේවල උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි කල, (අත්වලින් තනනු නො ලැබූ, මේ මැවිල්ලට අයත් නො වූ) උතුම් වූ, වඩා පරිපූර්ණ වූ කූඩාරමට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්