Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 4:11 - සිංහල කාලීන පරිවර්තනය

11 මැරෙන සුළු අප මාංසයේ යේසුස්වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, ජීවත්ව සිටින අපි නිරතුරු මරණයට භාර දෙනු ලැබ සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අපගේ මැරෙනසුලු ශරීරයේ ජේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, අපි ජීවත් ව සිටිය දී නිතර ම මරණයට පාවා දෙනු ලැබ සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අපගේ මැරෙනසුලු ශරීරයේ ජේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, අපි ජීවත් ව සිටිය දී නිතර ම මරණයට පාවා දෙනු ලැබ සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 මක්නිසාද අපේ මරණීයවූ මාංසයෙහි යේසුස්වහන්සේගේ ජීවනයත් ප්‍රකාශවන පිණිස ජීවත්වන්නාවූ අපි යේසුස්වහන්සේ උදෙසා නිතරම මරණයට පාවා දෙනු ලබමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 4:11
11 හුවමාරු යොමු  

අප, දූවිල්ලෙන් වූ තැනැත්තාගේ ස්වරූපය දැරූ සේ ම, ස්වර්ගීය තැනැත්තාණන්ගේ ස්වරූපය ද දරන්නෙමු.


ලියා තිබෙන ලෙස, “ඔබ නිසා දවස මුළුල්ලේ, අපි මරනු ලබන්නෙමු; ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලැබුවෙමු”


මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මඟින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය.


සහෝදරයිනි, හැම දිනෙකම මා මැරෙනවායි මා ප්‍රකාශ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරයෙනි.


යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.


හැම විටම යේසුස්වහන්සේගේ මරණය අප ශරීරය තුළ ගෙන යන්නේ යේසුස්වහන්සේගේ ජීවනය ද අපගේ ශරීර තුළ ප්‍රකාශ වන පිණිස ය.


මෙසේ අප තුළ ක්‍රියාකාරීව ඇත්තේ මරණයයි; එහෙත් ඔබ තුළ ජීවනයයි.


හොඳින් හඳුනන නමුත්, නො හඳුනන්නන් ලෙසිනි; මරණයට පත්වෙන්නන් ලෙස ගණන් ගැනුණත්, මෙන්න! අපි ජීවත් වන්නෙමු. දඬුවම් ලද ලෙසිනි, එහෙත් මරා දමනු ලැබ නැත;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්