Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 3:7 - සිංහල කාලීන පරිවර්තනය

7 ගලේ කෙටූ අකුරින් යුතු මරණයේ සේවාව, හීන වෙමින් තිබූ තේජසින් යුතු මෝස‍ෙස්ගේ මුහුණ දෙස ඉශ්‍රායෙල් ජනයාට එක එල්ලේ බලන්නට බැරි තරමේ තේජසකින් පැමිණියේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඉදින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැතිවීයන්නාවූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස් හෙළා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටනලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 3:7
38 හුවමාරු යොමු  

සම්පූර්ණත්වය පැමිණි කල, අසම්පූර්ණත්වය පහ වී යන්නේ ය.


මන්ද විශ්වාස කරන හැම කෙනකුටම ධර්මිෂ්ඨකම උදෙසා දහම් නීතියේ කෙළවර ක්‍රිස්තුස්වහන්සේ ය.


අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.


අප විසින් බෙදා හරින ලද ක්‍රිස්තුස්වහන්සේ වෙතින් වූ ලිපිය, ඔබ බැව් ඔබම පෙන්වයි; එය ලියා ඇත්තේ තීන්තෙන් නො ව, ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙනි; ගල් පුවරුවල නො ව, මිනිස් හද-පුවරුවල ය.


මන්ද දහම් නීතිය උදහස ගෙන එයි. නීතියක් නැති තැන, නීති කැඩීමක් ද නැත.


ජීවනය පොරොන්දු වූ ආඥාවෙන්ම මට මරණය ගෙනාවේ ය.


මන්ත්‍රණ සභාවේ අසුන් ගෙන සිටි සියල්ලෝ ඕනෑකමින් ස්තේපන් දෙස බැලූහ. එවිට ඔහුගේ මුහුණ දේව දූතයකුගේ මුහුණ මෙන් ඔවුහු දුටහ.


මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙහි ප්‍රමෝද වන්නෙමි.


එහි රනින් කළ දුම් පූජාසනය ද හැම පැත්තම රනින් වැසූ ගිවිසුම් කරඬුව ද ඒ තුළ මන්නා දැමූ මංජුසාව ද ආරොන්ගේ දළු ලෑ සැරයටිය ද ගිවිසුමේ ගල් පුවරු ද තිබිණ.


දහම් නීතිය පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩිවන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයින් බහුල වන්නේ ය.


මාංසයෙහි අප ජීවත් වූ කාලයේ දහම් නීතියෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.


ආත්මයාණන්ගේ සේවාව ඊට වඩා බොහෝ වැඩියෙන් තේජවත් නො වන්නේ ද?


මන්ද දහම් නීති ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “දහම් නීති පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ.


එසේ නම් දහම් නීතිය දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින්ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි දහම් නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන්ම ධර්මිෂ්ඨකම දහම් නීතිය මඟින් ආ හැකිව තිබිණි.


ගෘහයට වඩා එම ගෘහය ඉදිකරන්නා ගෞරවය ලැබිය යුතු සේ, යේසුස්වහන්සේ ද මෝස‍ෙස්ට වඩා බොහෝ ගෞරව ලබන්නට වටින බවට පිළිගනු ලැබේ.


මන්ද ඔබ පැමිණ ඇත්තේ, ස්පර්ශ කළ හැකි වූ, ගිනිගෙන දැවෙන, අන්ධකාරයෙන් හා කළුවරින් යුතු, සැඩ කුණාටුවක් වෙතවත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්