Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 1:6 - සිංහල කාලීන පරිවර්තනය

6 අප පීඩා විඳිනවා නම්, ඒ ඔබගේ සැනසීම හා ගැලවීම සඳහා ය. අප සැනසීම ලබනවා නම්, ඒ අප විඳින පීඩා ඔබත් ඉවසීමෙන් විඳ දරා ගැනීමෙන්, ඔබ අත්විඳින ඔබගේ සැනසීම සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 අපි පීඩා විඳිමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැළවීම පිණිස ය. අපි සැනසීම ලබමු නම් එය ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට, සැනසීම ලබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අපි පීඩා විඳිමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැළවීම පිණිස ය. අපි සැනසීම ලබමු නම් එය ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට, සැනසීම ලබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 1:6
13 හුවමාරු යොමු  

එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය.


දෙවියන්වහන්සේ විසින් අප සනසනු ලබන සැනසිල්ල මඟින්, කවර පීඩාවකට පත්වූවන් වුව ද, සැනසීමට අපට හැකි වන පිණිස, අපගේ සියලු පීඩාවලදී උන්වහන්සේ අප සනසන සේක.


මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි.


එබැවින්, ඔබ උදෙසා මා විඳින දුක් ගැහැට ගැන අධෛර්යය නො වන ලෙස මම ඔබෙන් ඉල්ලමි, සැබවින් ම ඒවා ඔබගේ ගෞරවයයි.


මේ අරමුණ සඳහාම අප පිළියෙල කළේ, ඇපයක් වශයෙන් ආත්මයාණන් අපට දුන් දෙවියන්වහන්සේම ය.


තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.


එබැවින් ඔබගේ ආත්ම උදෙසා දැඩි සොම්නසින් මම වැය වන්නෙමි; වැය කරනු ලබන්නෙමි. මා ඔබට වඩාත් ප්‍රේම කරන්නෙම් නම්, මා අඩුවෙන් ප්‍රේම කරනු ලබන්නෙම් ද?


එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත්ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර,


මේ හේතුව නිසා, අන්‍ය-ජාතික වූ ඔබ උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වන පාවුල් නම් මම—


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්