1 යොහන් 5:16 - සිංහල කාලීන පරිවර්තනය16 තම සහෝදරයා මරණීය නො වන පාපයක් කරන බව යමෙක් දුටුවහොත්, ඔහු යාච්ඤා කළ යුතු ය. එවිට උන්වහන්සේ ඔහු ජීවනයට පමුණුවන සේක. ඒ, මරණයට නො පමුණුවන පවක් කරන්නකුට ය. මරණයට පමුණුවන්නා වූ පාපයක් ද ඇත. ඒ සඳහා යමකු යාච්ඤා කළ යුතු යයි මා කියන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ. පරිච්ඡේදය බලන්න |