Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 2:6 - සිංහල කාලීන පරිවර්තනය

6 උන්වහන්සේ තුළ පැවත සිටිනවායැයි කියන කවුරු වුවත්, උන්වහන්සේ කළ ලෙසම පැවත සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 උන්වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 2:6
14 හුවමාරු යොමු  

ඔබ කැඳවනු ලැබ ඇත්තේ මේ සඳහා ය. මන්ද ඔබත් උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදර්ශයක් දෙමින්, ඔබ උදෙසා වධ වේදනා විඳි සේක.


මා කළේ, මා කළ ලෙස ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දීමයි.


මා ක්‍රිස්තුස්වහන්සේ අනුකරණ කරන්නා සේ, මා අනුකරණ කරන්නන් වන්න.


උන්වහන්සේ තුළ පැවත සිටින කිසිවකු පව් කරන්නේ නැත. දිගටම පව් කරන කවරකු වුව උන්වහන්සේ දැකලාවත්, හැඳිනගෙනවත් නැත.


දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.


මා හදවතින් මෘදුව, යටහත්ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ.


යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැතිනම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත.


දැන්, ප්‍රිය දරුවනි, උන්වහන්සේ තුළ පැවත සිටින්න, එවිට උන්වහන්සේ නැවත පෙනෙන්නට එන කල, අපට නිසැක විශ්වාසය තිබෙන පිණිසත්, උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ ඉදිරියේ ලජ්ජාවට පත් නො වන පිණිසත් ය.


මා, මගේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ප්‍රේමයේ රඳා සිටි අයුරින්, ඔබත් මාගේ ආඥා පිළිපදින්නේ නම්, මගේ ප්‍රේමයේ රඳා සිටිනු ඇත.


උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේම අපට දුන් ආත්මයාණන්වහන්සේ මඟිනි.


විනිශ්චය දවසට නිසැකව සිටිය හැකි වන පිණිස, මෙයින්, ප්‍රේමය අප අතර පරිපූර්ණ වෙයි, මන්ද මේ ලෝකය තුළ අපත්, උන්වහන්සේ වගේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්