Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 2:14 - සිංහල කාලීන පරිවර්තනය

14 මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි, ඔබ, පියාණන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ ශක්තිමත් නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ වාසය කරන නිසාත්, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති නිසාත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 දරුවෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ පියාණන් වහන්සේ දන්නා බැවිනි. පියවරුනි, මා ඔබට ලියා එවූයේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ ශක්තිමත් බැවිනුත්, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළ ඇති බැවිනුත්, ඔබ නපුරා දමනය කර ඇති බැවිනුත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 දරුවෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ පියාණන් වහන්සේ දන්නා බැවිනි. පියවරුනි, මා ඔබට ලියා එවූයේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ ශක්තිමත් බැවිනුත්, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළ ඇති බැවිනුත්, ඔබ නපුරා දමනය කර ඇති බැවිනුත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 2:14
18 හුවමාරු යොමු  

මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති බැවිනි.


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.


ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.


අවසන් වශයෙන්, ස්වාමින්වහන්සේ තුළ ද උන්වහන්සේගේ පරාක්‍රමවත් බලයෙහි ද බලවත් වන්න.


තමන් තුළ විශ්වාස කළ යුදෙව්වන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මාගේ ගෝලයෝයි.


උන්වහන්සේගේ වචන ඔබ තුළ රඳන්නේ නැත; මන්ද උන්වහන්සේ විසින් එවන ලද තැනැත්තාණන් ඔබ විශ්වාස කරන්නේ නැත.


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි.


මන්ද ඔබගේ විශ්වාසවන්තකම හා සත්‍යයෙහි ඔබ පවතින අයුරු ගැන මෙහි පැමිණි සහෝදරයින්ගෙන් අසන්නට ලැබීම මට මහත් ප්‍රීතියකි.


අප තුළ පවතින, සදහට අප සමඟ සිටින සත්‍යතාව නිසා ය.


මන්ද, ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මාගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මාගේ ජනතාව වන්නෝ ය.


නො පසුබස්නා ඉමහත් වීරියක් හා ඉවසීමක් ඔබට අත්වන සේ දෙවියන්වහන්සේගේ තේජාන්විත පරාක්‍රමයට අනුව හැම බලයෙන්ම සවිමත් වෙමින් ප්‍රීතියෙන් ද


මා දරුව, එබැවින් ඔබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති අනුග්‍රහයේ ශක්තිමත් වන්න.


මා ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ හැම දෙයක්ම කරන්නට මට පුළුවන.


ඔබ මාගේ නාමය උදෙසා ඉවසීමෙන් යුතුව දරා, උසුලා, එහෙත් විඩාවට පත් නො වූ බැව් ද දනිමි.


අප පව් කර නැතැයි අපි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයකු කරමු; උන්වහන්සේගේ වචනය ද අප තුළ නැත.


ඔබ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වග මා දන්නවා. එහෙත් ඔබ, මා මරන්නට සොයයි. මන්ද මගේ වචනයට ඔබ තුළ කිසි ඉඩක් නැත.


පටන්ගැන්මේ සිට තිබූ, අප අසා ඇති, අපේ ඇස්වලින් අප දුටු, අප බැලූ, අපේ අත්වලින් අප ඇල්ලූ ජීවනයේ වචනයාණන් සම්බන්ධව ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්