Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 1:6 - සිංහල කාලීන පරිවර්තනය

6 අප අන්ධකාරයේ ඇවිදිමින්, අපේ සහභාගිත්වය උන්වහන්සේ සමඟ ය කියනවා නම්, අප කියන්නේ බොරු ය; සත්‍යයෙහි පැවතීමක් ද නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි හැසිරෙමුනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 1:6
25 හුවමාරු යොමු  

යමෙක්, “මම දෙවියන්වහන්සේට ප්‍රේම කරමි” යි කියමින්, තම සහෝදරයාට වෛර කරනවා නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද තමන් දැක ඇති සහෝදරයාට ප්‍රේම නො කරන්නාට, තමන් දැක නැති දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට බැරි ය.


යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැතිනම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත.


අප පව් කර නැතැයි අපි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයකු කරමු; උන්වහන්සේගේ වචනය ද අප තුළ නැත.


යේසුස්වහන්සේ යළිත් ජනයා අමතමින්, “ලෝකයේ ආලෝකය මමයි. මා අනුගමන කරන කවරකු වුවත්, අන්ධකාරයේ ගමන් කරන්නේ නැතිවාත් හැර, ජීවනයේ ආලෝකය ලබන්නේ යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින් “ආලෝකය ඔබ අතරේ තිබෙන්නේ තව ටික කලකටයි. අන්ධකාරය ඔබ අල්ලා නො ගන්නා පිණිස, ආලෝකය තිබියදී, ගමන් කරන්න. අන්ධකාරයේ ගමන් කරන මිනිසා, තමන් කොතැනක යනවාදැයි නො දනී.


මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැතිනම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද?


මා ලෝකයට ආලෝකයව ආවේ, මා තුළ විශ්වාස කරන කිසිවකුත් අන්ධකාරයේ නො සිටින පිණිසයි.


අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.


එහෙත් ඔහු ඇවිදින්නේ රාත්‍රියේ නම් ඔහු පැකිළෙයි; මන්ද ඔහු තුළ එළියක් නැතැ” යි කී සේක.


එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.


අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අපම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත.


ඔවුන්ගේ එම ශාරීරික අවශ්‍යතා සපුරන්නේ නැතිව, ඔබගෙන් කෙනකු කතා කොට, “සාමයෙන් යන්න; ගොස් උණුසුම් වී, බඩ පුරා කන්නැ” යි කියයි නම්, ඉන් වන සෙත කුමක් ද?


ඒ දවසේදී බොහෝ දෙනෙක් මා අමතමින්, ‘ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි දිවැසි වැකි නො කීවෙමු ද? ඔබගේ නාමයෙන් අපි යක්ෂාත්මයන් දුරු නො කළෙමු ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නො කළෙමු දැ?’ යි කියනු ඇත.


ඒවා එන්නේ හෘදය සාක්ෂියේ හංවඩු ලද, වංක බොරුකාරයින් මඟිනි.


ඔබ උන්වහන්සේ දන්නේ නැති නමුත්, මා උන්වහන්සේ දන්නවා. මා උන්වහන්සේ දන්නේ නැතැයි කීවොත් මාත් ඔබ හා සමාන බොරුකාරයෙක් වේවි. එහෙත් මා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ වචනය ද මා රක්ෂා කරනවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්