Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 1:10 - සිංහල කාලීන පරිවර්තනය

10 අප පව් කර නැතැයි අපි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයකු කරමු; උන්වහන්සේගේ වචනය ද අප තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 1:10
12 හුවමාරු යොමු  

අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අපම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත.


දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විශ්වාස කරන කවරකු තුළ වුව, මෙම සාක්ෂිය තිබේ. දෙවියන්වහන්සේ විශ්වාස නො කරන කවරෙක් වුව, උන්වහන්සේ බොරුකරුවෙකැයි ගණන් ගනී; මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දී ඇති සාක්ෂිය ඔහු විශ්වාස නො කළ බැවිනි.


යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැතිනම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත.


අප තුළ පවතින, සදහට අප සමඟ සිටින සත්‍යතාව නිසා ය.


මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි, ඔබ, පියාණන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ ශක්තිමත් නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ වාසය කරන නිසාත්, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති නිසාත් ය.


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.


ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.


උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා කවරකු වුව දෙවියන්වහන්සේ සත්‍යයම බවට, තම මුද්‍රාව තබයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්