Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 4:4 - සිංහල කාලීන පරිවර්තනය

4 තවදුරටත් ඔබ ඔවුන් සමඟ ඒ අනර්ථකාරී දුරාචාර ප්‍රවාහයේ නො ගිලෙන්නේ මන්දැයි ඔවුහු පුදුමව, ඔබට අපවාද නගති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 විජාතීන් සමඟ ඔබ අධික අවකල් ක්‍රියාවල නොයෙදෙන බැවින් ඔව්හු ඒ ගැන පුදුම වී ඔබට අපහාස කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 විජාතීන් සමඟ ඔබ අධික අවකල් ක්‍රියාවල නොයෙදෙන බැවින් ඔව්හු ඒ ගැන පුදුම වී ඔබට අපහාස කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔවුන් සමඟ එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාසකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 4:4
11 හුවමාරු යොමු  

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ යහ පැවැත්ම ගැන පරිභව කරන්නන් ඔබට අපහාස කරන කල, ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතිව ය.


ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.


එහෙත් යුදෙව්වන් විරෝධය පාමින්, අපහාස කරන්නට වූ කල, පාවුල් තම ඇඳුම් ගසා දමමින්, “නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා! මගේ වගකීමෙන් මා නිදොස්; මෙතැන් පටන් මා අන්‍ය-ජාතීන් වෙත යනවා” යි කීවේ ය.


එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.


එහෙත් ඒ මහ සෙනඟ දුටු කල, යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල්ගේ දේශනයට එරෙහිව අපහාසාත්මකව කතා කළහ.


“බල්ලා, ඌ වමනය කළ දේටම ආපසු හැරී එයි” යන ප්‍රස්තාව පිරුළ හා “නෑවාවූ ඊරී ආපසු මඩේ පෙරළීමට යයි” යන ප්‍රස්තාව පිරුළ ඔවුන් සම්බන්ධයෙන් සැබෑ ය.


එහෙත් මේ මිනිස්සු තමනට නො වැටහෙන දේට අපහාස කරති. මොවුන් සමාන වන්නේ අල්ලා, මරා දමනු ලබන්නට පමණක් උපන් අනුවණ සතුන් වූ වන මෘගයනට ය. ඒ සතුන් මෙන් මොවුහු ද විනාශයටම යනු ඇත.


මධුපානෝත්සව හා බේබදුකම ද ලිංගික අපචාර හා සල්ලාලකම ද අඩ දබර හා ඊර්ෂ්‍යාව ද තුළ නො ව, දහවලට ඔබින සේ ශිෂ්ට සම්පන්නව කටයුතු කරමු.


“නොබෝ දිනකින් බාල පුත්‍රයා, තමන් සතු සියල්ල එකතු කරගෙන, ඈත එපිට රටකට ගොස්, දුසිරිතෙහි ගැලෙමින්, තම ධනය නැති නාස්ති කර ගත්තා.


මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත් ඇතුළාන්තය තණ්හාවෙනුත්, ආත්මාර්ථයෙනුත් පිරිලා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්