Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 3:14 - සිංහල කාලීන පරිවර්තනය

14 එසේ වුවත් ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නට ඔබට සිදු වුවත්, ඔබ ආශිර්වාද ලබන්නේ ය. “ඔවුනට බය නො වන්න; නො කැලඹෙන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 3:14
29 හුවමාරු යොමු  

ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට බය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට බය වන්න.


ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දුබලතා, ගැරහුම්, අපහසුතා, හිංසා-පීඩා හා දුෂ්කරතා තුළ මා ප්‍රමෝද වන්නේ එබැවිනි. මන්ද මා දුබලව සිටින විට, මම ප්‍රබලව සිටිමි. මම ඔබට බරක් නො වෙමි.


පරීක්ෂා මැද නො සැලී ස්ථිරව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය.


සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.


“ඔබ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු ය; මා කෙරෙහිත් විශ්වාස කරන්න.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, මා උදෙසාත්, ශුභාරංචිය උදෙසාත්, තම ගේ-දොර, සහෝදර-සහෝදරියන් හෝ මව, පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් අත්හළ කවරෙක් වුව ද


මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; එහෙත් මා නිසාත්, ශුභාරංචිය නිසාත් සිය ජීවිතය නැති කරගන්නා, එය රැකගනී.


තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත්හළ හැම කෙනකුටම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත.


මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; එහෙත් මා නිසා තම ජීවිතය අහිමි කරගන්නා එය අත්කර ගනී.


ආබ්‍රහම්ට කීකරු වෙමින්, ඔහුට ස්වාමියා යයි ඇමතූ සාරා පරිද්දෙන්, හරි දේ කරමින්, බිය වද්දන කිසිවකට බය නො වී සිටින්නේ නම් ඔබ ඇගේ දූවරුන් ය.


තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ උදෙසා උන්වහන්සේ අදහාගැනීමේ පමණක් නො ව, උන්වහන්සේ උදෙසා දුක් විඳීමේ වරප්‍රසාදයත් ඔබට ප්‍රදාන කරනු ලැබ ඇත.


එබැවින් බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.


මාගේ නාමය උදෙසා ඔහු කොතරම් විඳවිය යුතුදැයි මම ඔහුට පෙන්වා දෙන්නෙමි” යි කී සේක.


මෙන්න! අප සිතන්නේ ස්ථිරව රැඳී සිටි අය භාග්‍යවත් ය කියායි. යෝබ්ගේ ස්ථිර භාවය ගැන ඔබ අසා ඇත. අවසානයේදී ස්වාමින්වහන්සේගේ තීරණය ද ඔබ දුටුවෙහි ය. ස්වාමින්වහන්සේ අනුකම්පාවෙන් සහ දයාබරකමින් පූර්ණ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්