Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 1:12 - සිංහල කාලීන පරිවර්තනය

12 ඔවුන් සේවය කළේ, තමන්ටම නො ව, ඔබට වග ඔවුනට එළිදරවු කෙරිණ. ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ශුභාරංචිය ඔබට දේශනා කරන ලද්දවුන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරනු ලබන්නේ, ඒ දෑම ය. මේ දෑ දැක බලා ගැනීමට දේව දූතයෝ පවා දැඩි සේ ආශා වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 1:12
56 හුවමාරු යොමු  

“පියාණන්වහන්සේ වෙතින් මා ඔබ වෙත එවන සහනදායකයාණන්, පියාණන්වහන්සේ වෙතින් නික්ම එන සත්‍යතාවයේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂි දෙන සේක.


උන්වහන්සේගේ අරමුණ නම් දෙවියන්වහන්සේගේ අනේක විධ ප්‍රඥාව, දැන් සභාව මාර්ගයෙන් ස්වර්ගීය බලමණ්ඩලවල පාලකයින්ටත්, අධිපතීන්ටත් දැනගන්නට සැලැස්වීමයි.


එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මඟින් අපට එළිදරවු කළ සේක. මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක.


මන්ද ඔවුනට මෙන්ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත.


ඉන්පසු උන්වහන්සේ ඔවුන් අමතා, “ලෝකය පුරා ගොස් සකල මැවිල්ලටම ශුභාරංචිය ප්‍රකාශ කරන්න.


එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය සදහට පවතියි.” ඔබට දේශනා කරන ලද ශුභාරංචිය මෙම වචනයයි.


එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්වයින් ද වැඩිමහල්ලන් ද වටා, දේව දූතයින් සමූහයකගේ කටහඬ මට ඇසිණි. ගණනින් දස දහස්වර දස දහසක් ද දහස්වර දහසක් ද වූ


පවිත්‍රතාවෙනි; අවබෝධයෙනි; ඉවසීමෙනි; කාරුණික වීමෙනි; ශුද්ධාත්මයාණන්ගෙනි; අව්‍යාජ ප්‍රේමයෙනි;


අප පිට ස්වකීය මුද්‍රාව තබා, ඇපයක් වශයෙන් ස්වකීය ආත්මයාණන් ද අප හදවත් තුළ තැබූ සේක.


අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි.


දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක.


තවද ලකුණු ද පුදුම ද නොයෙකුත් හාස්කම් ද ස්වකීය කැමැත්තට අනුව එකිනෙකාට බෙදා දුන් ශුද්ධාත්ම දීමනා ද මඟින් දෙවියන්වහන්සේ ද ඒ ගැන සාක්ෂි දැරූ සේක.


ස්වකීය පුත්‍රයාණන් මට එළිදරවු කිරීමට කැමති වූයේ, මා අන්‍ය-ජාතීන් අතරේ උන්වහන්සේ දේශනා කරන පිණිස ය. එකෙණෙහිම මා කිසි මිනිසකුගෙන් උපදෙස් සෙව්වේ නැත;


මන්ද එය කිසිවකුගෙන් මා ලබා ගත්තා නො වේ; මට එය ඉගැන්නුවා ද නො වේ. මා එය ලද්දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුවකිනි.


තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “ශුභාරංචිය ගෙනෙන අයගේ පාද, කොතරම් අලංකාර ද!”


එය තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඇදහීමෙන් වන ආකාරයට එළිදරවු කරනු ලැබ ඇත්තේ, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යැ” යි ලියා තිබෙන පරිදි ය.


එපරිදිම, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන, දේව දූතයින් ඉදිරියේ ප්‍රීතියක් ඇති වග මම ඔබට කියමි” යි පැවසූ සේක.


ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.


සහෝදරයිනි, අප වෙහෙසුණු හැටිත්, අපහසුතා විඳි හැටිත් ඔබට මතක ඇති. දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට දේශනා කරන අතරේ අපේ යැපීම් සඳහා කිසිවකුටත් බරක් නො වන ලෙස දිවා රෑ අපි වැඩ කළෙමු.


මෙසේ ඔවුහු පිටත්ව ගොස්, සැම තැන්හි ශුභාරංචිය දේශනා කරමින් හා සුව කරමින්, ගමින් ගම සැරි සැරූහ.


ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළිකර තිබිණි.


යේසුස්වහන්සේ ඔහුට උත්තර දෙමින්, “සීමොන්, යෝනාගේ පුත්‍රය, ඔබ භාග්‍යවත් ය. මන්ද ඔබට මෙය හෙළි කළේ මාංසය හා රුධිරය නො වේ; ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේ ය.


“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.


ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකුම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි.


රෝමවාසී ඔබට ද ශුභාරංචිය දේශනා කරන්නට මා පුල පුලා බලා සිටින්නේ එබැවිනි.


පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.


පේතෘස් මේ වචන පවසමින් සිටියදීම, ඒ වචන අසා සිටි සියල්ලන් වෙත ශුද්ධාත්මයාණෝ පහළ වූ සේක.


සාක්ෂි දරමින් ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ පේතෘස් හා යොහන් ආපසු එන ගමනේදී, තවත් සමාරි ගම්මාන බොහොමයක ශුභාරංචිය දේශනා කරමින් යෙරුසලමට ආපසු ආහ.


එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස්ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීතව කතා කළෝ ය.


එවිට පේතෘස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, ඔවුන් අමතමින්, “පාලකයිනි, වැඩිහිටියනි,


අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.


මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරන ලද්දේ මේ හේතුව නිසා ය; එනම්, මිනිසුන්ගේ කැමැත්තට අනුව මාංසාකාරයෙන් විනිශ්චය කරනු ලැබුව ද, ආත්මිකව ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්