Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තෙසලෝනික 4:8 - සිංහල කාලීන පරිවර්තනය

8 එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තෙසලෝනික 4:8
21 හුවමාරු යොමු  

උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේම අපට දුන් ආත්මයාණන්වහන්සේ මඟිනි.


“ඔබට සවන් දෙන්නා, මට සවන් දෙයි. ඔබ ප්‍රතික්ෂේප කරන්නා, මා ප්‍රතික්ෂේප කරයි. මා ප්‍රතික්ෂේප කරන්නා, මා එවූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් පැවසූ සේක.


මා ප්‍රතික්ෂේප කරන, මගේ වචන නො පිළිගන්න අයට විනිශ්චයකරුවෙක් සිටියි. මා පවසන මේ වචන ම අන්තිම දවසේ ඔවුන් විනිශ්චය කරනු ඇත.


මන්ද යම් දිවැස්වැකියක් කොහෙත්ම මිනිසාගේ හිතු මනාපයට උත්පාද නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොලඹවනු ලැබූ කල මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන කතා කළහ.


එලෙස මොවුහු ද තමන්ගේ සිහිනවල එල්බගෙන, මාංසය දූෂ්‍ය කර ගනිති; ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති; ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරති.


ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක.


එහෙත් ඇය සිටින ලෙස සිටීම වඩා භාග්‍යවත් බවයි මගේ අදහස. මට ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඇතැයි මම සිතමි.


බලාපොරොත්තුව අප ලජ්ජාවට පත් කරන්නේ නැත. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමය අප හදවත් තුළට වගුරුවා ඇති හෙයිනි.


ඔවුන් සේවය කළේ, තමන්ටම නො ව, ඔබට වග ඔවුනට එළිදරවු කෙරිණ. ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ශුභාරංචිය ඔබට දේශනා කරන ලද්දවුන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරනු ලබන්නේ, ඒ දෑම ය. මේ දෑ දැක බලා ගැනීමට දේව දූතයෝ පවා දැඩි සේ ආශා වන්නෝ ය.


එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මඟින් අපට එළිදරවු කළ සේක. මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක.


“ ‘ගරහන්ණනි, බලනු, විස්මිත වී නැසෙනු, මන්ද යමකු ඔබට දැන්වූවත් ඔබ විශ්වාස කරන්නේ නැති යම් අරුමයක්, ඔබේ දවස්වල මම කරන්නෙමි.’”


අප පිට ස්වකීය මුද්‍රාව තබා, ඇපයක් වශයෙන් ස්වකීය ආත්මයාණන් ද අප හදවත් තුළ තැබූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්