Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 3:13 - සිංහල කාලීන පරිවර්තනය

13 උපස්ථායකයින් වශයෙන් හොඳින් සේවය කරන්නන් තමන්ට ගරු තත්වයක් ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලේ මහත් නිසැකකමක් ද අත්කර ගනී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 යහපත් ලෙස සේවය කර, උසස් තත්ත්වයක් ලබාගන්නා උපස්ථායකයන්ට, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල තුළින් මහත් නිර්භීතකමක් ලබා ගැනීමට පුළුවන් වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 යහපත් ලෙස සේවය කර, උසස් තත්ත්වයක් ලබාගන්නා උපස්ථායකයන්ට, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල තුළින් මහත් නිර්භීතකමක් ලබා ගැනීමට පුළුවන් වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මක්නිසාද උපස්ථායකයන්ව යහපත්ලෙස සේවයකළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැකකමද ලබාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 3:13
17 හුවමාරු යොමු  

“ඔහුගේ හාම්පුතා කතා කරමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.


මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.


මා දරුව, එබැවින් ඔබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති අනුග්‍රහයේ ශක්තිමත් වන්න.


ඔබ දන්නා පරිදි කලින් පිලිප්පියේදී හිංසා හා නිග්‍රහ විඳිනට අපට සිදු වුවත්, අපගේ දෙවියන්වහන්සේගේ උපකාරයෙන් දැඩි විරෝධතා මැද වුව ද දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නට අපට ධෛර්යය තිබුණි.


අප සහෝදරයින් වැඩි දෙනෙක්, මාගේ මේ සිර-බැඳුම් නිසා දෙවියන්වහන්සේගේ වචනය වඩාත් එඩිතරව, අභීතව කතා කරන්නට ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය ලැබ සිටිති.


අකායයෙන් මුලින්ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක්ම ඔබෙන් ඉල්ලන්නේ,


පාවුල් එහි වූ පඩි පෙළට ළං වූ කල, කලහකාරී පිරිස කෙතරම් සැහැසි වූවෝ ද යත් පාවුල් ඔසවාගෙන යෑමට හමුදා භටයින්ට සිදු විණි.


මන්ත්‍රණ සභාවේ අසුන් ගෙන සිටි සියල්ලෝ ඕනෑකමින් ස්තේපන් දෙස බැලූහ. එවිට ඔහුගේ මුහුණ දේව දූතයකුගේ මුහුණ මෙන් ඔවුහු දුටහ.


ස්තේපන් අනුග්‍රහයෙන් හා බලයෙන් පූර්ණව, ජනයා අතරේ බලවත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය.


මෙම යෝජනාවට කණ්ඩායමේ සියල්ලෝ ප්‍රසන්න වූහ. එබැවින් ඔවුහු ඇදහිල්ලේ හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ස්තේපන් ද පිලිප්, ප්‍රකොරස්, නිකනෝර්, තීමෝන් හා පර්මෙනස් ද යූදා දහම වැලඳගත් අන්තියෝකියානු නිකෝලස් ද තෝරා ගත්හ.


“එවිට ඔහු, ‘හරි අගෙයි, හොඳ සේවකය, ඉතා සුළු දෙයක් ගැන ඔබ විශ්වාසී වූ නිසා නගර දහයක ආධිපත්‍යය ඔබට වේ යැ’ යි කී ය.


එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.


ඉක්මනින් ඔබ වෙත ඒමට මා බලාපොරොත්තු වන නමුදු, මෙම උපදෙස් මා ඔබට ලියා එවන්නේ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්