Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 1:1 - සිංහල කාලීන පරිවර්තනය

1 අපගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගේ හා අපගේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ නියෝගයෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේද අපගේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේද ආඥාව ලෙස ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 1:1
38 හුවමාරු යොමු  

නිසි කල්හි ස්වකීය වචනය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ, අප මිදුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ නියෝගයෙන් මට පවරන ලද දේශනා කිරීම තුළිනි.


අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය.


එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි;


අප ගැලවුම්කාර එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් තේජෝමහිමයත්, පරාක්‍රමයත්, බලයත්, ආධිපත්‍යයත් සියලු කාලවලට පෙරත්, දැනුත්, සදහටත් වේවා! ආමෙන්.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය අති මහත් දයාවට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම තුළින් අපට ජීවමාන බලාපොරොත්තුවකට නව උපතක් සලසා දී ඇත්තේ,


මට ශක්තිය දුන් අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේට මම ස්තුති කරමි. මන්ද උන්වහන්සේ ස්වකීය සේවයට මා පත් කර ගැනීමෙන්, මා විශ්වාසවන්තයෙකැයි ගණන් ගෙන ඇත්තේ,


මිනිසුන් වෙතින් හෝ මිනිසකු මඟින් හෝ නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද විසින් එවන ලද අපෝස්තුලුවරයකු වූ පාවුල් හා


දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව හා අකාය පුරා සිටින සියලු ශුද්ධවන්තයින් වෙතයි.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.


දේශකයකු හා අපෝස්තුලුවරයකු ලෙස හා අන්‍ය-ජාතීන් උදෙසා ඇදහිල්ලේ හා සත්‍යයේ ගුරුවරයකු ලෙස මා පත් කරනු ලැබ ඇත්තේ ඒ සඳහා ය. මා කියන්නේ ඇත්ත ය; මා බොරු කියන්නේ නැත.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද


දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලද පාවුල් ද අපගේ සහෝදර සොස්තෙනස් ද වෙතින්,


තවද පියාණන්වහන්සේ, ස්වකීය පුත්‍රයාණන් ලෝකයේ ගැලවුම්කරුවාණන් වීමට එවූ වග අපි දුටුවෙමු; ඊට සාක්ෂි දරන්නෙමු.


උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.


උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ගැලවුම්කරුවාණන් මඟින් අධිකව ශුද්ධාත්මයාණන් අප පිට වගුළේ,


එහෙත් අපගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ යහ ගුණයත්, ආදර කරුණාවත් ප්‍රකාශ වූ කල,


අපගේ උත්තම දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජවත් ප්‍රකාශ වීමේ භාග්‍යවත් බලාපොරොත්තුවෙන් අප බලා සිටියදී ය.


සොරකම් නො කරන, සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බව පෙන්නුම් කරන්නන් විය යුත්තේ හැම අයුරින්ම අප ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ ඉගැන්වීම ඔවුන් මඟින් බැබළෙන පිණිස ය.


අප වෙහෙස මහන්සි වන්නෙත්, පරිශ්‍රම දරන්නෙත් මේ නිසා ය. මන්ද අප බලාපොරොත්තු තබා සිටින්නේ, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන්ම අදහන්නන්ගේ ගැලවුම්කරු වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරේ ය.


එය යහපත් ය; අප ගැලවුම්කාර දෙවියන්වහන්සේ හමුවේ ප්‍රසන්න ය.


සහෝදරයිනි, මා දේශනා කළ ශුභාරංචිය, මිනිසුන් සෑදූ ශුභාරංචියක් නො වන වග ඔබ දැන ගන්නවාට කැමතියි.


මා එය කරන්නේ මගේම ස්ව කැමැත්තෙන් නම්, මට ඊට ත්‍යාගයක් ඇත. කැමැත්තෙන් නො වේ නම්, මා සිටින්නේ මට පැවරූ භාරකාරත්වයක් යටතේ ය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.


මාගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මාගේ ආත්මය ප්‍රීති වෙයි.


මන්ද අද දවසේ දාවිත් පුරයේ ඔබට ගැලවුම්කරුවෙක්, ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ උපන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්