Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:7 - සිංහල කාලීන පරිවර්තනය

7 කොයි කලෙකවත් තමාගේම වියදමින් හමුදා සෙබලකු සේ සේවය කරන්නේ කවුරු ද? එහි පල භුක්ති නො විඳ මිදි වත්තක් වවන්නේ කවුරු ද? නැතහොත් කිරි ගන්නේ නැතිව බැටළුවන් රැක බලා ගන්නේ කවුරු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සිය වියදමෙන් යුද හමුදාවේ සේවයට යන කෙනෙක් ඇද් ද? මිදි වත්තක් වවා එහි පල නොකන කෙනෙක් ඇද් ද? ගව රැළක් ඇති කර උන්ගේ කිරි නොබොන්නේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සිය වියදමෙන් යුද හමුදාවේ සේවයට යන කෙනෙක් ඇද් ද? මිදි වත්තක් වවා එහි පල නොකන කෙනෙක් ඇද් ද? ගව රැළක් ඇති කර උන්ගේ කිරි නොබොන්නේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:7
16 හුවමාරු යොමු  

තිමෝති මා දරුව, වරක් ඔබ ගැන පැවසුණු දිවැසි වැකිවලට අනුකූලව මේ අණ මා ඔබට දෙන්නේ, ඒ අනුව යමින්, යහපත් යුද්ධයේ සටන් වැදීම පිණිස ය.


තමන් ගැනත් වගබලා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නායකයින් බවට පත් කරමින්, බාර දී ඇති බැටළු රැළ රැක-බලාගන්න. ස්වකීය ලෙයින් උන්වහන්සේ මිලයට ගත් දෙවියන්වහන්සේගේ සභාවේ එඬේරවරුන් වන්න.


විශ්වාසී භාරකරුවන් සේ සේවය කරමින්, ඔබ භාරයේ වෙසෙන දෙවියන්වහන්සේගේ බැටළු රැළ රැක-බලාගන්න; එය කළ යුත්තේ බලකිරීමක් නිසා නො ව, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන පරිදි ස්ව-කැමැත්තෙනි; ලජ්ජා සහගත වාසියකට නො ව, සේවයට ලැදියාවෙනි;


මම යහපත් සටනක සටන් වැදුණෙමි. මම තරඟ දිවීම සම්පූර්ණ කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.


ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් වදින්න. ඔබ කැඳවුම් ලැබුවාවූත්, බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළාවූත් සදාතන ජීවනය තරයේ අල්ලා ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්