Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:11 - සිංහල කාලීන පරිවර්තනය

11 අපි ඔබ අතරේ ආත්මික දෑ වපුළෙමු නම්, ඔබ වෙතින් ද්‍රව්‍යමය දෑ නෙළා ගැනීම මහ දෙයක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුළෙමු නම්, එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙළාගැනීම එතරම් ලොකු දෙයක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුළෙමු නම්, එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙළාගැනීම එතරම් ලොකු දෙයක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 අපි නුඹලාට ආත්මික දේ වපුළෙමු නම්, නුඹලාගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:11
8 හුවමාරු යොමු  

ඔවුන් එය කළේ කැමැත්තෙන්ම ය. ඇත්තෙන්ම ඔවුන්ට දීමට ඔවුන් ණය ගැති ය. මන්ද ඔවුන්ගේ ආත්මික ආශිර්වාදවලට අන්‍ය-ජාතීන් පංගුකාර වූවා නම්, තම ද්‍රව්‍යමය ආශිර්වාද ඔවුන් හා බෙදා හදා ගැනීම යුතු ය.


වචනය ඉගෙන ගන්නා, තමනට ඇති හැම හොඳ දෙයක්ම තමාට උගන්වන්නා සමඟ බෙදා ගත යුතු ය.


එබැවින් ඔහුගේ සේවකයින් ද ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගැනීම අරුමයක් නො වේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුරූපී වනු ඇත.


ගමනට, ගමන් මල්ලක්, අමතර ඇඳුමක්, පාවහන් හෝ සැරයටියක් යන කිසිවක් නො ගෙන යන්න. මන්ද සේවකයා ඔහුගේ භෝජනය ලබන්නට සුදුසු ය.


එලෙසම, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, ශුභාරංචිය මගින්ම සිය ජීවිකාව සලසා ගත යුතු බව ස්වාමින්වහන්සේම ආඥා කර ඇත.


මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්