Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 7:36 - සිංහල කාලීන පරිවර්තනය

36 තමා විවා ගිවිසි කන්‍යාවිය සම්බන්ධව තමා නුසුදුසු ලෙස ක්‍රියා කර ඇතැයි යමෙක් සිතත් නම්, විවාහයට නිසි ඇගේ කල වයසත් පසුවී යේ නම්, ඇය ආවාහ කර ගත යුතු යයි ඔහුට හැඟේ නම්, ඔහු කැමති ලෙස කරත්වා. එය පාපයක් නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 යමෙක් දැඩි රාගික ඇල්ම නිසා තම විවාහ අපේක්ෂිකාව පිළිබඳ ව තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බවත්, විවාහ වීම යුතු බවත් ඔහුට හැඟේ නම්, ඔහුගේ කැමැත්ත අනුව, ඔව්හු විවාහ වෙත් වා. එහි පාපයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 යමෙක් දැඩි රාගික ඇල්ම නිසා තම විවාහ අපේක්ෂිකාව පිළිබඳ ව තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බවත්, විවාහ වීම යුතු බවත් ඔහුට හැඟේ නම්, ඔහුගේ කැමැත්ත අනුව, ඔව්හු විවාහ වෙත් වා. එහි පාපයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 නුමුත් යමෙක් තමාගේකන්‍යාව ගැන තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බව සිතේ නම්, ඈ ඇගේ තරුණ කාලය පසුකොට සිටී නම්, ඕනෑකමක්ම තිබේ නම්, ඔහු කැමති දෙයක් කෙරේවා; ඔහු පව් නොකරයි; ඔව්හු විවාහවෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 7:36
7 හුවමාරු යොමු  

එහෙත්, තම හදවත නො වෙනස්ව තබාගෙන, කිසි බලපෑමක් ද නැතිව, තම ආශා හික්මවාගෙන, විවා ගිවිසි කන්‍යා-තරුණිය හා එක් නො වීමට හදින් අදිටන් කොට, ඒ ගැන ස්ථිර නිගමනයකට පැමිණි තැනැත්තා කරන්නේ ද හරි දෙයයි.


එහෙත් ඔවුනට තම හැඟීම් පාලනය කර ගත නො හැකි නම්, විවාහ වීම සුදුසු ය. මන්ද රාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම හොඳ ය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මඟින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ.


නඩු කියා යමකු ඔබේ යටි කබාය ගන්නට කැමැත්තේ නම්, ඔබේ උඩු කබායත් ඔහුට දෙන්න.


මා මෙසේ කියන්නේ ඔබේම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්