Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 7:22 - සිංහල කාලීන පරිවර්තනය

22 මන්ද වහලකු ලෙස ස්වාමින්වහන්සේ තුළ කැඳවීම ලද තැනැත්තා, ස්වාමින්වහන්සේගේ නිදහස් මිනිසෙකි. එලෙසම නිදහස් මිනිසකුව සිටියදී කැඳවීම ලද තැනැත්තා, ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 වහලෙකු ව සිටිය දී සමිඳාණන් වහන්සේගෙන් කැඳවීම ලැබූ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ නිවහලෙකි. එසේ ම නිවහල් ව සිටිය දී කැඳවීම ලැබූ තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේගේ වහලෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 වහලෙකු ව සිටිය දී සමිඳාණන් වහන්සේගෙන් කැඳවීම ලැබූ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ නිවහලෙකි. එසේ ම නිවහල් ව සිටිය දී කැඳවීම ලැබූ තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේගේ වහලෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 මක්නිසාද වහලෙක්ව සිටියදී ස්වාමීන්වහන්සේ තුළ කැඳවනු ලැබූ තැනැත්තේ ස්වාමීන්වහන්සේගේ නිර්දාසයාය. එසේම නිර්දාසව සිටියදී කැඳවනු ලැබූ තැනැත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 7:22
18 හුවමාරු යොමු  

නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන්න. එහෙත් ඔබගේ නිදහස දුෂ්ටකම් වසාගැන්මේ ආවරණයක් කර නො ගෙන, දෙවියන්වහන්සේගේ දාසයින් ලෙස ජීවත් වන්න.


තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන්ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද!


මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න.


ක්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කළේ නිවහල්ව සිටීමට ය. එබැවින් ස්ථාවරව සිටගන්න; වහල් බවේ වියගහට යළි යට නො වන්න.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද යාකොබ්ගේ සොහොයුරා ද වන යූද් වෙතිනි; පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ තුළ ප්‍රේමණීයයන් වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සුරක්ෂිතව තැබීමට කැඳවුම් ලද්දවුන් වෙතයි.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.


ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණතව, මුළුමනින්ම නිසැකව ඔබ ස්ථිරව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි.


මා දිනා ගන්නට වැර දරන්නේ මිනිසුන්ගේ ප්‍රසාදය ද? දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද? මා වෙහෙසෙන්නේ මිනිසුන් සතුටු කරන්නට ද? මා තවමත් මිනිසුන් සතුටු කරන්නෙක් නම්, මා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු වන්නේ නැත.


මම සියල්ලෙන්ම නිවහල් මිනිහෙක් වුවත්, වැඩි දෙනකු දිනා ගන්නා පිණිස, සියල්ලන්ගේම වහලකු බවට පත් වුණෙමි.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.


කැඳවීම ලබන කල, ඔබ වහලකුව සිටියේ ද? ඒ ගැන කරදර නො වන්න. එහෙත්, නිදහස ලබා ගත හැකි නම්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.


දහම් නීතිය යටතේ නො වන අන්‍ය-ජාතිකයින් දිනා ගන්නා පිණිස, ඔවුන් අතර මම දහම් නීතිය යටතේ නො සිටින කෙනකු සේ හැසිරුණෙමි. සැබවින් ම මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙන් නො මිදුණ කෙනකු වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතියට බැඳුණ කෙනෙක්මි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්