Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 6:11 - සිංහල කාලීන පරිවර්තනය

11 ඔබ ඇතැම්හු එවැන්නන්ව සිටියහ. එහෙත්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් ඔබ සෝදනු ලැබුවහු ය; පවිත්‍ර කරනු ලැබුවහු ය; නිදොස් කරනු ලැබුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 6:11
52 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ කරණකොටගෙන ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහු ය. අපගේ ප්‍රඥාවත්, ධර්මිෂ්ඨකමත්, අපගේ පවිත්‍රතාව හා අපගේ මිදීමත් ක්‍රිස්තුස්වහන්සේම බවට පත් කළේ ද දෙවියන්වහන්සේ ය.


කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි.


තවත් පමා වන්නේ කුමට ද? නැගිටින්න; උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම ලබා, ඔබගේ පාප සෝදා හරින්නැ’ යි මට කීවා.


එසේ, උන්වහන්සේ පෙර-නියම කළවුන්, උන්වහන්සේ කැඳවූ සේක. උන්වහන්සේ කැඳවා ගත්තවුන්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ද පැමිණෙවු සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට පැමිණෙවුවන් උන්වහන්සේ තේජසට ද පත් කළ සේක.


ආත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීම සඳහා ද උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබීම සඳහා ද පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව, තෝරාගනු ලැබූවන් වෙතයි: අනුග්‍රහයත්, සාමයත් ඔබට බෝ වේවා!


ඉසිනු ලැබීමෙන් අප හදවත් වරදකාර හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ, අප සිරුරු පිරිසිදු දියෙන් සෝදනු ලැබ, ඇදහිල්ලේ පූර්ණ විශ්වාසයෙන් යුතු අවංක හදවතින් ළඟා වෙමු.


උන්වහන්සේ එසේ කළේ, වචනය මඟින් ජලයෙන් සේදීමෙන් ඇය පවිත්‍ර කර, ශුද්ධවත් කිරීමටත්,


වරක් ඔබ අන්ධකාරයව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්,


අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.


දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට එරෙහිව චෝදනා කරන්නේ කවුරු ද? නිර්දෝෂ කරන්නේ දෙවියන්වහන්සේ ය.


එබැවින් ඇදහිල්ල මඟින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය.


ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.


මෝස‍ෙස්ගේ දහම් නීතිය මඟින් හැම දෙයක් සඳහාම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකුම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.


විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,


දහම් නීතිය මඟින් කිසිවකු දෙවියන්වහන්සේ ඉදිරියේ නිර්දෝෂ කරනු ලබන්නේ නැති වග පැහැදිලි ය. මන්ද “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ.”


මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මාගේ ස්වාමිනි” යි කීවෙමි. එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගෙන ඇත.


එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් මිස, දහම් නීතියේ ක්‍රියාවලින් කිසිවකු නිර්දෝෂ කරනු නො ලබන බැව් අපි දනිමු. එබැවින් දහම් නීතියේ ක්‍රියාවලින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් නිර්දෝෂ කරනු ලබන පිණිස, අපිත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අදහා ගත්තෙමු. මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසිවකු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ නැත.


ඔබ අන්‍ය-ලබ්ධිකයින්ව සිටියදී, එලෙස හෝ මෙලෙස මෙහෙය වනු ලැබ, කතා බැරි පිළිම රූප වෙත මුළා කරනු ලැබූ හැටි ඔබම දනිති.


මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එකම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි.


මෙසේ ඇදහිල්ල මඟින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මගපෙන්වන භාරකරුවා වූයේ දහම් නීතියයි.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින්, දැන් අප නිර්දෝෂ කරනු ලැබ ඇති බැවින්, උන්වහන්සේ මඟින් ඊට කොතරම් වැඩියෙන් දෙවියන්වහන්සේගේ උදහසින් අපි ගලවනු නො ලබන්නෙමු ද!


දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ත්‍යාගයක් වශයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති මිදීම මඟින් ධර්මිෂ්ඨ කරනු ලබති.


ඊට අනුරූප වන බව්තීස්මයෙන් දැන් ඔබ ගැලවේ; ඒ, ශරීරයෙන් කිලුට පහ කිරීමක් වශයෙන් නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම හේතු කොට ගෙන පිවිතුරු හෘදය සාක්ෂියකින් දෙවියන්වහන්සේට කරන පොරොන්දුවක් වශයෙනි.


සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.


දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් නිර්දෝෂකමට පමුණුවන්නේ ඇදහිල්ල මඟින් බැව් කල්තියා දත් ශුද්ධ ලියවිල්ල, “සියලු ජාතීන්, ඔබ තුළ ආශිර්වාද ලබනු ඇතැ” යි යන ශුභාරංචිය කල්තියා ආබ්‍රහම්ට ප්‍රකාශ කර ඇත.


එහෙත් වැඩක් නො කරන නමුදු, අභක්තිකයකු නිර්දෝෂ කරන තැනැන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්නාගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබේ.


“මා ඔබට කියන්නේ ධර්මිෂ්ඨ කරනු ලැබ, තම නිවසට ගියේ මේ මිනිසායි; අනෙකා නො වෙයි. මන්ද තමාම උසස් කරගන්නා පහත් කරනු ලැබේ. තමාම පහත් කරගන්නා උසස් කරනු ලැබේ යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක්ම නො වේ” යි කී සේක.


එවිට පේතෘස්, “කවදාවත් ඔබ මගේ පාද සෝදන්නේ නෑ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නො සේදුවොත්, මා සමඟ පංගුකාරකමක් ඔබට නැතැ” යි කී සේක.


ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද?


මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි, උන්වහන්සේගේ නාමය නිසා, ඔබගේ පාප කමා කරනු ලැබ ඇති බැවිනි.


ඔවුන් අමතා, ‘ඔබත් මිදි වත්තට යන්න. යුතු පරිදි මම ඔබට ගෙවන්නෙමි’ යි කීවේ ය.


ඔවුන් එසේ සිටියේ දේව දූතයෙක් පැමිණ, කලින් කල පොකුණ කලඹතැයි ද එසේ කැළැතූ දියට මුලින්ම බට කවර රෝගියකු වුව සුව වෙතැයි ද යන විශ්වාසයට අනුව දිය කැළතෙන තෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්