Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 16:24 - සිංහල කාලීන පරිවර්තනය

24 මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ හැම සමඟ පවතී. ආමෙන්!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ සියල්ලන් සමඟ වේ වා! ආමෙන්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ සියල්ලන් සමඟ වේ වා! ආමෙන්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 මාගේ ප්‍රේමය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා සියල්ලන් සමඟ වේවා. ආමෙන්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 16:24
11 හුවමාරු යොමු  

එබැවින් ඔබගේ ආත්ම උදෙසා දැඩි සොම්නසින් මම වැය වන්නෙමි; වැය කරනු ලබන්නෙමි. මා ඔබට වඩාත් ප්‍රේම කරන්නෙම් නම්, මා අඩුවෙන් ප්‍රේම කරනු ලබන්නෙම් ද?


පරීක්ෂාවනට අප නො පමුණුවා, නපුරාගෙන් අප මුදා ගත මැනව.’


“මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සෙනෙහසින් යුතුව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේම සාක්ෂි වන සේක.


ඒ ඇයි? මා ඔබට ප්‍රේම නො කරන නිසා ද? මා ප්‍රේම කරන වග දෙවියන්වහන්සේ දන්නා සේක.


ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් යුතුව කරන්න.


ඔබ ආත්මයෙන් ස්තුති දෙන විට කෙනකුට ඔබ කියන දේ නො වැටහේ නම්, ඔබගේ ස්තුති දීමට ඔහු ආමෙන් කියන්නේ කොහොම ද?


මා ඔබට අණ කළ හැම දේටම කීකරු වීමට ඔවුන්ට උගන්වමින් ද එසේ කරන්න. සැබවින් ම යුගයේ අවසානය දක්වා නිරතුරුව මම ඔබ සමඟ සිටිමි” යි පැවසූ සේක.


යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා!


දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව හා අකාය පුරා සිටින සියලු ශුද්ධවන්තයින් වෙතයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්