Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:54 - සිංහල කාලීන පරිවර්තනය

54 මෙසේ දිරා යන දේ නො දිරන බවින් ද මරණයට පත් වන දේ අමරණ බවින් ද පැලඳූ කල, ලියා ඇති කියමන ඉටු වෙයි; එනම්: “විජයග්‍රහණයේදී මරණය ගිල දමන ලදී.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 දිරන සුලු මේ ස්වභාවය නොදිරන සුලු බවටත්, මැරෙන සුලු මේ ස්වභාවය අමරණීයත්වයටත් පැමිණි කල්හි “මරණය පැරදිණි; ජය අත්විණි”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 දිරන සුලු මේ ස්වභාවය නොදිරන සුලු බවටත්, මැරෙන සුලු මේ ස්වභාවය අමරණීයත්වයටත් පැමිණි කල්හි “මරණය පැරදිණි; ජය අත්විණි”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

54 දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනාලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:54
12 හුවමාරු යොමු  

මරණය හා පාතාලය ගිනි විලට හෙළනු ලැබිණ. ගිනි විල දෙවන මරණයයි.


උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් කඳුළු හැම පිසදාලනු ඇත. මින් මතු මරණයක් නැත; ශෝක වීමක්, හැඬීමක්, වේදනාවක් ද මින් මතු නැත. මන්ද පළමු දෑ පහව ගොසිණි.”


ඉන්පසු මියෙන්නට ඔවුන්ට නුපුළුවන; මන්ද ඔවුහු දේව දූතයින්ට සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයින් වීමෙන්, ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් වෙති.


මැරෙන සුළු අප මාංසයේ යේසුස්වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, ජීවත්ව සිටින අපි නිරතුරු මරණයට භාර දෙනු ලැබ සිටිමු.


ඉවසීමෙන් යුතුව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත.


ස්වකීය ශුද්ධවන්තයින් තුළ ගෞරව මහිම ලැබීමටත්, අපේ සාක්ෂිය විශ්වාස කළ ඔබ ඇතුළු ඇදහිලිවත් සියල්ලන් අතරේ විස්මයක් ඇති කිරීමටත් ස්වාමින්වහන්සේ ආපසු පැමිණෙන දවසේ ය.


යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.


එබැවින් පාපී ආශාවනට ඔබ අවනත නො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නො දෙන්න.


අජරාමර දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, දිරා ජරාවට යන මිනිසුන්ගේ, පක්ෂීන්, සිවුපාවුන් හා උරගයින්ගේ ද පිළිරූවලට මාරු කර ගත්හ.


මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මඟින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්