Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:29 - සිංහල කාලීන පරිවර්තනය

29 අනෙක් අතට මළවුන් නැගිටීමක් නැතිනම්, මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබීමේ තේරුම කුමක් ද? මළවුන් නැගිටුවීමක් කොහෙත්ම නො වේ නම්, ඔවුන් උදෙසා මිනිසුන් බව්තීස්ම කරන්නේ මන්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සැබැවින් ම මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් මියගිය අය උදෙසා බව්තීස්ම-ස්නාපනය ලබන අයට කුමන ප්‍රයෝජනයක් සිදුවේ ද? මියගිය අය උදෙසා ඔවුන් බව්තීස්ම-ස්නාපනය ලබන්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සැබැවින් ම මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් මියගිය අය උදෙසා බව්තීස්ම-ස්නාපනය ලබන අයට කුමන ප්‍රයෝජනයක් සිදුවේ ද? මියගිය අය උදෙසා ඔවුන් බව්තීස්ම-ස්නාපනය ලබන්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඇරත් මළවුන් උදෙසා බව්තීස්මකරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහු කිසිසේත් නැගුටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්මකරනු ලබන්නෝද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:29
7 හුවමාරු යොමු  

මන්ද මළවුන් නැගිටීමක් නැතිනම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන්නට යන කුසලානෙන් බොන්නට ඔබටත් පුළුවන් දැ?” යි ඇසූ සේක. “අපට පුළුවනැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.


එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.”


තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ.


මෙසේ, සියලු දේම උන්වහන්සේට යටත් කරනු ලැබූ පසු, ඒ සියලු දේම තමනට යටත් කළ දෙවියන්වහන්සේට පුත්‍රයාණන් ද යටත් වන සේක. එසේ වනුයේ, සෑම සියල්ලේ පූර්ණ පරමාධිපත්‍යය දෙවියන්වහන්සේම වන පිණිස ය.


හැම පැයකදීම උපද්‍රවයන්ට අප මුහුණ පාන්නේ මන්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්