Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:25 - සිංහල කාලීන පරිවර්තනය

25 මන්ද උන්වහන්සේගේ සියලු සතුරන් උන්වහන්සේගේ පයට යටත් කරන තෙක්, උන්වහන්සේ රජකම් කළ යුතුම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් තමන්වහන්සේගේ පාද යට දමන තුරු රජකම්කරන්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:25
12 හුවමාරු යොමු  

“ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පා යටට දමන තෙක් මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ, මා ස්වාමින්වහන්සේට පැවසූහ.


කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා, ඔබගේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.”


තවද සියලු දේම ක්‍රිස්තුස්වහන්සේගේ පාදයන්ට යටත් කළ දෙවියන්වහන්සේ සභාව උදෙසා සියලු දේහි ප්‍රධාන තැනැත්තාණන් ලෙස උන්වහන්සේ නියම කළ සේක.


මන්ද දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. එහෙත් ඔහු මෙසේ කියයි, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්,


දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත.


සියලු දේම ඔහුගේ පයට යටත් කරමිනි” යනුවෙනි. උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක්ම නැත. එහෙත් හැම දෙයක්ම උන්වහන්සේට යටත්ව ඇති වග තවමත් අපට නො පෙනේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්