Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:12 - සිංහල කාලීන පරිවර්තනය

12 ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ, මළවුන්ගෙන් නැගිටුවන ලද, වශයෙන් නම්, මළවුන් නැගිටීමක් නැතැයි ඔබ ඇතමකු කියන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 අප දේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 අප දේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගුටුවනු ලැබූසේකැයි දේශනාකරනු ලැබේ නම්, මළවුන්ගේ නැගිටීමක් නැතැයි නුඹලා අතරෙන් සමහරුන් කියන්නේ කොහොමද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:12
7 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ මළවුන් නැගිටුවීම, සිදු විය නොහැක්කකැයි ඔබ කවුරුන් හෝ සිතන්නේ ඇයි?


මළවුන්ගෙන් නැගිටීම ගැන ඇසූ ඔවුන්ගෙන් ඇතමෙක් සමච්චල් කරන්නට වන්හ. එහෙත් සෙසු අය, “මේ සම්බන්ධව නැවතත් ඔබ කතා කරනවා අසන්නට අප කැමතියි” කීහ.


සත්‍යයෙන් බැහැරව මං මුළාව ගොසිනි. මළවුන්ගේ නැගිටීම දැනටමත් සිදුව ඇතැයි ඔවුහු කියති. මෙසේ ඔවුහු ඇතමුන්ගේ ඇදහිල්ල අවුල් කරති.


(සද්දුසිවරුන් කියන්නේ මරණයෙන් නැවත නැගිටීමක් නැත; දේව දූතයින් ද නැත; ආත්මයක් ද නැත කියා ය; එහෙත් පරිසිවරු ඒ සියල්ලම ඇතැයි කියති.)


ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා!


එබැවින් ඒ මා හෝ ඔවුන් හෝ වේවා, අපි එය දේශනා කරන්නෙමු; ඔබ එය විශ්වාස කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්