Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 14:11 - සිංහල කාලීන පරිවර්තනය

11 යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැතිනම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඒ නිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි. ඔහු ද මට විදේශිකයෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඒ නිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි. ඔහු ද මට විදේශිකයෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එබැවින් මම භාෂාවේ තේරුම නොදනිම් නම්, කථාකරන්නාට පරදේශියෙක් වෙමි, කථාකරන්නා මට පරදේශියෙක් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 14:11
6 හුවමාරු යොමු  

දූපත්වාසීහු අපට අසාමාන්‍යව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ.


මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


දහම් නීතියේ ලියා තිබෙන්නේ: “අමුතු භාෂිත මිනිසුන් මඟින් හා විදෙස්සන්ගේ තොල්වලින් මම, මේ ජනයාට කතා කරන්නෙමි, එහෙත්, ඊට පසුත් ඔවුන් මට සවන් දෙන්නේ නැතැයි ස්වාමින්වහන්සේ කියන සේකැ” යි කියා ය.


ග්‍රීකයින්ට හා ග්‍රීක නො වන අන්‍යයන්ට ද උගතුන්ට හා නූගතුන්ට ද වගකීමක මම බැඳී සිටිමි.


සර්පයා පාවුල්ගේ අතේ එල්ලෙනු දුටු දූපත්වාසීහු, “සැකයක් නැහැ; මේ මිනිහා මිනීමරුවෙක්; මිනිහා මුහුදින් බේරුණත් ඔහුට ජීවත් වීමට යුක්ති ධර්මය ඉඩ දී නැතැ” යි තමන් අතරේ කියා ගත්හ.


බොහෝ විවිධ භාෂා ලෝකයේ තිබේ. ඉන් කවර බසක් හෝ අරුත් රහිත නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්