Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 12:6 - සිංහල කාලීන පරිවර්තනය

6 විවිධාකාර වූ ක්‍රියාකාරකම් ඇත්තේ ය; එහෙත් සියල්ලන්ට හැම අයුරින් බලය පවරන්නේ එකම දෙවියන්වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නානාප්‍රකාර ක්‍රියාකිරීම් ඇත්තේය, නුමුත් සියල්ලන් තුළෙහි සියල්ල කරවන්නේ එක දෙවියන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 12:6
12 හුවමාරු යොමු  

ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එකම, ආත්මයාණන්වහන්සේ ය.


වැදගත් වන්නේ සිටවූ හෝ වතුර දැමූ හෝ තැනැත්තා නො ව, වැඩීම සැලසූ දෙවියන්වහන්සේ ය.


යේසුස්වහන්සේ කතා කරමින්, “මගේ පියාණන්වහන්සේ තවමත් වැඩ කරන සේක; මමත් වැඩ කරන්නෙමි” යි පැවසූ සේක.


මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


සියල්ලන්ටම ඉහළින් සිටින, සියල්ලන්ටම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේම එකම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.


ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින්ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනිකව ම තේජෝ මහිම වේවා! ආමෙන්.


එම අරමුණ ඉටු කරනු සඳහා මම, මා තුළ බලවත්ව ක්‍රියා කරන උන්වහන්සේගේ උපරිම ශක්තියෙන් යුතුව මහත් පරිශ්‍රමයෙන් වෙහෙස දරන්නෙමි.


මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.


මෙසේ, සියලු දේම උන්වහන්සේට යටත් කරනු ලැබූ පසු, ඒ සියලු දේම තමනට යටත් කළ දෙවියන්වහන්සේට පුත්‍රයාණන් ද යටත් වන සේක. එසේ වනුයේ, සෑම සියල්ලේ පූර්ණ පරමාධිපත්‍යය දෙවියන්වහන්සේම වන පිණිස ය.


විවිධාකාර වූ සේවාවන් ඇත්තේ ය; එහෙත් එකම ස්වාමින්වහන්සේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්