Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 12:5 - සිංහල කාලීන පරිවර්තනය

5 විවිධාකාර වූ සේවාවන් ඇත්තේ ය; එහෙත් එකම ස්වාමින්වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 නානාප්‍රකාර සේවයකිරීම් ඇත්තේය, නුමුත් එක ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 12:5
10 හුවමාරු යොමු  

උපදේශකයෙකැයි ඔබ අමතා නො ගත යුතු ය. මන්ද ඔබට උපදේශක එක්කෙනෙකි; ඒ ක්‍රිස්තුස්වහන්සේ ය.


අපට සිටින එකම දෙවියන්වහන්සේ, පියාණන්වහන්සේ ය. හැම දේම උන්වහන්සේගෙන් ය. අපගේ පැවැත්ම උන්වහන්සේ උදෙසා ය. එසේම, අපට සිටින එකම ස්වාමියාණෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. හැම දේම උන්වහන්සේ මඟින් ය; අප පවතින්නේ ද උන්වහන්සේ මඟින් ය.


පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය උදෙසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ ය කියා හැම දිවකින් පැවසිය යුතු වන පිණිසත් ය.


සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.


විවිධාකාර වූ දීමනා ඇත්තේ ය; එහෙත් එකම ආත්මයාණන්වහන්සේ ය.


විවිධාකාර වූ ක්‍රියාකාරකම් ඇත්තේ ය; එහෙත් සියල්ලන්ට හැම අයුරින් බලය පවරන්නේ එකම දෙවියන්වහන්සේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්