Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 11:29 - සිංහල කාලීන පරිවර්තනය

29 ශරීරය නො විමසා කන්නාවූ, බොන්නාවූ තැනැත්තා කන්නේත්, බොන්නේත් විනිශ්චය තමා පිට තබාගෙන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සමිඳාණන් වහන්සේගේ ශරීරය යන්නෙහි තේරුම නොවිමසා, රොටි වළඳන, කුසලානෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමා ම වරදකරුවෙක් කරගන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සමිඳාණන් වහන්සේගේ ශරීරය යන්නෙහි තේරුම නොවිමසා, පූප වළඳන, කුසලානෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමා ම වරදකරුවෙක් කරගන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නාවූ බොන්නාවූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම්, ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය, බොන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 11:29
11 හුවමාරු යොමු  

එබැවින් නුසුදුසු ලෙස ස්වාමින්වහන්සේගේ රොටි අනුභව කරන්නාවූත්, ඒ කුසලානෙන් පානය කරන්නාවූත් කවරකු වුව ද, ස්වාමින්වහන්සේගේ ශරීරයත්, උන්වහන්සේගේ රුධිරයත් කෙලෙසීමේ වරදකරුවෙක් වෙයි.


ඔබ බොහෝ දෙනකු දුබලව හා රෝගීව සිටින්නේත්, ඇතමකු මැරී ගියේත් මේ නිසා ය.


මා සහෝදරයිනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් නො විය යුතු ය. මන්ද ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අප වඩා දැඩි ලෙස විනිශ්චය කරනු ලබනු ඇත.


එහෙත් ඝන ආහාර, හොඳ-නරක තෝරා බේරා ගැනීමට පුරුද්දෙන් නිති පුහුණු වූ මේරූ අය සඳහා ය.


ස්තුති දී, එය කඩා, මෙසේ පැවසූ සේක; “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙයයි. මා සිහි කිරීම පිණිස මෙය කරන්න.”


එබැවින් බලධරයනට එරෙහි වන කවුරුන් වුව එරෙහි වන්නේ, දෙවියන්වහන්සේ විසින් පිහිටූ නියමයකට ය. ඒ අය තමන්ටම දඬුවම් පමුණුවා ගනිති.


සියල්ලටම වඩා මා සහෝදරයිනි, ඔබ වරදට පත් කරනු නො ලබන පිණිස, අහස ගැන, පොළොව ගැන හෝ අන් කවර දෙයක් ගැන නො දිවුරන්න. “ඔව්” කිව යුතු තැන ඔව් කියා ද “නැත” කිව යුතු තැන නැත කියා ද පවසන්න.


මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි.


කෙනෙක් තමාම විනිශ්චය කරගෙන, ඉන්පසු මේ රොටි කෑවා වේ; මේ කුසලානෙන් බීවා වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්