Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 11:28 - සිංහල කාලීන පරිවර්තනය

28 කෙනෙක් තමාම විනිශ්චය කරගෙන, ඉන්පසු මේ රොටි කෑවා වේ; මේ කුසලානෙන් බීවා වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එබැවින් මේ රොටි වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එබැවින් මේ පූප වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 11:28
13 හුවමාරු යොමු  

හැම කෙනකුම, තම ක්‍රියා කලාපය තමන්ම තක්සේරු කර ගනිත්වා; එවිට තමාම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළම ය; තම අසල්වැසියා තුළ නො වේ.


තමන් ඇදහිල්ල තුළදැයි බලා ගන්න පිණිස, ඔබම තමන් විමසා ගන්න. ඔබම සෝදිසි කරගන්න; ඔබ තුළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සිටිනා වග ඔබ වටහා ගෙන නැද්ද? එහෙම නැතිනම් ඇදහිල්ලේ සෝදිසි කිරීමට අනුව ඔබ අසමත් ය.


එහෙත් අප අවංකව අපම විනිශ්චය කර ගන්නෙමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත.


ඉන් මහත් සොවට පත් ගෝලයෝ, “ඒ මම ද ස්වාමිනි?” යි එකකුට පසුව එකකු බැගින් අසන්නට වූහ.


ශරීරය නො විමසා කන්නාවූ, බොන්නාවූ තැනැත්තා කන්නේත්, බොන්නේත් විනිශ්චය තමා පිට තබාගෙන ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්