Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 10:28 - සිංහල කාලීන පරිවර්තනය

28 එහෙත්, “මේවා පිදේනියක් කොට පිදූ දෑ යැ” යි යමකු ඔබට පැවසුවොත්, එසේ කී අය නිසාත්, හෘදය සාක්ෂිය නිසාත් ඒවා කෑමෙන් වළකින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 නුමුත්: මේක දේවතා පිදවිල්ලක්යයි යමෙක් නුඹලාට කීවොත්, දැන්වූ තැනැත්තා නිසාත් හෘදයසාක්ෂිය නිසාත් නොකා සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:28
11 හුවමාරු යොමු  

මන්ද ඔබගේ යම් කෑමක් ඔබගේ සහෝදරයාගේ ශෝකයට හේතු වේ නම්, තවත් ඔබ ප්‍රේමයේ හැසිරෙනවා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ යමකු උදෙසා මැරුණා ද, ඔබගේ කෑමකින් ඔහු විනාශ නො කරන්න.


මන්ද, “පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය.”


කෙසේ වෙතත්, හැමටම මේ දැනුම නැත. ඇතමකු පිළිම සමඟ පෙර තිබූ සබඳතා නිසා, ආහාර ගන්නේ සැබවින් ඒවා දේවතා පිදේනියයි සලකා ය. ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය දූෂිත වේ.


කෙසේ වෙතත් ඔබේ මේ නිදහස, යම් හෙයකින් දුබලයින්ට බාධාවක් නො වන්නට වගබලා ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්