Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 10:23 - සිංහල කාලීන පරිවර්තනය

23 “හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයක්ම ප්‍රයෝජනවත් නැත. සැබවින් ම, “හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයින්ම වර්ධනය සැලසෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “කැමැති දෙයක් කිරීමට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම යෝග්‍ය නැත. කැමැති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැම දෙය ම ශුභසිද්ධියට ඉවහල් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “කැමැති දෙයක් කිරීමට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම යෝග්‍ය නැත. කැමැති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැම දෙය ම ශුභසිද්ධියට ඉවහල් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 සියලු දේ ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:23
14 හුවමාරු යොමු  

“හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් හැම දෙයක්ම පලදායි නැත. “හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් කිසිවකට මා ගැතිකර ගත නො හැක.


කෙසේ වෙතත් ඔබේ මේ නිදහස, යම් හෙයකින් දුබලයින්ට බාධාවක් නො වන්නට වගබලා ගන්න.


ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.


එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කරගන්න.


මන්ද ඔබගේ යම් කෑමක් ඔබගේ සහෝදරයාගේ ශෝකයට හේතු වේ නම්, තවත් ඔබ ප්‍රේමයේ හැසිරෙනවා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ යමකු උදෙසා මැරුණා ද, ඔබගේ කෑමකින් ඔහු විනාශ නො කරන්න.


ඔබ සිතේ හැටියට ස්තුති දුන්නා විය හැක. එහෙත්, අනෙකාගේ වර්ධනයක් සිදු නො වේ.


එසේ නම් සහෝදරයිනි, තව මොනවා ද? ඔබ එක්රැස් වන කල, එක් එක් කෙනාට ගීතිකාවක්, පාඩමක්, එළිදරවුවක්, අන්‍ය-භාෂාවක් හෝ එහි පරිවර්තනයක් ඇත. ඒ හැම දේ වර්ධනය සඳහා වේවා.


මිථ්‍යා හා කෙළවරක් නැති පරම්පරා කතාවල නො ගැලෙන ලෙස අණ කරන්නටත් ය. ඒවායින් වන්නේ ඇදහිල්ලෙන් එන දෙවියන්වහන්සේ වෙතින් වූ සැලැස්ම වෙනුවට මත භේදයට තුඩු දෙන අදහස් උස්සා තැබීම ය.


ඔබ පිළිබඳවත් එසේම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න.


දැන්, පිළිම රූපවලට පිදූ ආහාර පිළිබඳව: “අප හැමට දැනුම ඇති” වග අපි දනිමු. මෙම “දැනුම” අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය, අභිවෘද්ධිය සලසයි.


අප ඔබට නිදහසට කරුණු කියනවායයි මේ මුළු කාලය තුළ ඔබ සිතන්නට ඇත. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප කතා කරමින් සිටියේ, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ය. ප්‍රේමණීයයනි, ඒ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්