Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 10:20 - සිංහල කාලීන පරිවර්තනය

20 නැත; මා අදහස් කරන්නේ මෙයයි; මිථ්‍යා දෘෂ්ටිකයින් පූජා කරන දෑ ඔවුන් ඔප්පු කරන්නේ යක්ෂාත්මයන්ට ය, දෙවියන්වහන්සේට නො වේ; ඔබ යක්ෂාත්මයන් සමඟ පංගුකාරයින් වනවාට මා කැමති නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 නැත. මා එයින් අදහස් කරන්නේ මිසදිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමඟ ඔබ සහභාගි වෙනවාට මම කැමැති නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 නැත. මා එයින් අදහස් කරන්නේ මිසදිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමඟ ඔබ සහභාගි වෙනවාට මම කැමැති නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුමුත් මිත්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි කියමි. නුඹලා යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:20
10 හුවමාරු යොමු  

“ඔබ වැඳ වැටීමට නමස්කාර කළොත්, මේ සියල්ලම මම ඔබට දෙන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය.


එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.


ඉහත, දෙවියන්වහන්සේ නෑඳින සිටි කල, ස්වභාවයෙන් දෙවිවරුන් නො වන්නවුන්ට ඔබ වහල්ව සිටියහ.


“එහෙත් ඔබට එරෙහිව කරුණු ස්වල්පයක් මට තිබේ. පිළිමවලට යාග කරන ලද පිදේනි කෑමටත්, ලිංගික අනාචාරයන්හි යෙදීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයින් ඉදිරියේ බාධකයක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඇතමෙක් ඔබ අතර වෙති.


“එහෙත් තමා දිවැසිවරියකැයි ඇයම කියා ගන්නා, අර යෙසබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මඟින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මාගේ දාසයින් නොමග යවන්නී ය.


මෙම පීඩාවලින් නො මැරී ඉතිරි වූ මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ අත්වල වැඩ ගැන පසුතැවිලි වූයේ නැත. ඔවුහු යක්ෂාත්මයන්ට ද කතා කරන්නට හෝ අසන්නට හෝ ඇවිදින්නට හෝ බැරි රනින්, රිදීයෙන්, ලෝකඩයෙන්, ගලින් හා ලීයෙන් තැනූ දේවතා පිළිමවලට ද නමස්කාර කිරීමෙහි නැවතුණේ ද නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්