Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 7:12 - Sinhala Revised Old Version

12 ඔවුන් යන කල මාගේ දැල ඔවුන් පිට හෙළන්නෙමි; ආකාශ පක්ෂීන් මෙන් ඔවුන් පහළට අදින්නෙමි. ඔවුන්ගේ සභාවට දන්වා තිබෙන හැටියට ඔවුන්ට දඬුවම්කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔවුන් එසේ යන කල, ඔවුන් පිට මම දැලක් හෙළන්නෙමි; කුරුල්ලන් මෙන් ඔවුන් පහතට ඇද හෙළන්නෙමි. ඔවුන් කර ඇති නපුරු ක්‍රියාවලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔවුන් එසේ යන කල, ඔවුන් පිට මම දැලක් හෙළන්නෙමි; කුරුල්ලන් මෙන් ඔවුන් පහතට ඇද හෙළන්නෙමි. ඔවුන් කර ඇති නපුරු ක්‍රියාවලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 7:12
15 හුවමාරු යොමු  

මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.


මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බොහෝ ජනයන් රැස්ව සිටියදී මාගේ දැල නුඹ පිටහෙළන්නෙමි; ඔවුන් මාගේ දැලෙන් නුඹ ගොඩට අදිනවා ඇත.


මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය, මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහිදී ඔහු සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.


මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.


බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.


මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.


ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න.


දඬුවම්කිරීමේ දවසේදී එප්‍රායිම් පාළුවක් වන්නේය. සැබවින්ම පැමිණෙන දේ මා විසින් ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි දන්වා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්