Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 3:2 - Sinhala Revised Old Version

2 මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මම ද, රිදී මිල පසළොසක් ද යව කිලෝග්‍රෑම් එකසිය පණහක් ද දී ඈ ලබාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මම ද, රිදී මිල පසළොසක් ද යව කිලෝග්‍රෑම් එකසිය පණහක් ද දී ඈ ලබාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 3:2
9 හුවමාරු යොමු  

බාතට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද ඒඵාවට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද අල්ලන පිණිස ඒඵාව හා බාත එක ප්‍රමාණය වන්නේය. ඒවායේ ප්‍රමාණය හෝමෙරට හරිව තිබේවා. ෂෙකෙලට ගේරා විස්සක්ය.


මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රවේණි බිමෙන් කොටසක් ස්වාමීන්වහන්සේට කැපකරන්නේනම් නුඹේ නියමකිරීම ඒකේ වැපිරීමේ හැටියට වන්නේය. යව බීජ හෝමරයක වපසරිය රිදී ෂෙකෙල් පනහක් බැගින් වේවා.


කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.


අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.


එවිට සාවුල් කථාකොට: රජුගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට කිසි දායාදයක් ඕනෑ නැත කියා දාවිත්ට කියන්නැයි කීය. නුමුත් සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්ට කල්පනාකෙළේය.


ඇගේ පියා ඈ ඔහුට දෙන්ට කොහෙත්ම කැමතිනූණොත් ඔහු කන්‍යාවන්ගේ දායාද ලෙස මුදල් ගෙවිය යුතුය.


මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.


ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය.


නුඹ වේශ්‍යාකම් නොකර, පුරුෂයෙකුට නොබැඳී, බොහෝ දවස් මා ගැන බලාසිටින්න. මමත් නුඹ ගැන එසේම බලා සිටින්නෙමියි ඈට කීවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්