Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 11:6 - Sinhala Revised Old Version

6 ඔවුන්ගේ මන්ත්‍රණ නිසා කඩුව ඔහුගේ නුවරවල් පිටට පැමිණ, ඔහුගේ පොලු විනාශකොට, ඔවුන් නාස්තිකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔවුන්ගේ නගරවල යුද්ධ හටගෙන, එහි දොරටුවල පොලු බිඳ වැටී ඔවුන් විනාශ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔවුන්ගේ නගරවල යුද්ධ හටගෙන, එහි දොරටුවල පොලු බිඳ වැටී ඔවුන් විනාශ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 11:6
25 හුවමාරු යොමු  

සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්ගේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත.


එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.


ඌද විරුද්ධකාර රජුට තෑග්ගක් පිණිස අෂූර්ට ගෙනයනු ලබන්නේය. එප්‍රායිම් ලජ්ජාවට අසුවන්නේය, ඉශ්‍රායෙල්ද තමාගේ මන්ත්‍රණය ගැන ලජ්ජාවන්නේය.


මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ දේශයේ නුවරවල් සිඳදමා, නුඹේ සියලු බලකොටු බිඳදමන්නෙමි.


දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ තුළ ගින්නක් පත්තුකරමි, එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස්ද සියලු වියළි ගස්ද දැවීයන්නේය. ඒ ඇවිළෙන ගිනිමැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා සියලු මුහුණු දැවෙන්නේය.


ඔවුන් නුඹේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ නුඹේ අස්වැන්නද නුඹේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් නුඹේ බැටළුවන්ද නුඹේ ගවයන්ද කා දමනවා ඇත; නුඹේ මිදිවැල්ද නුඹේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; නුඹ විශ්වාසකරන නුඹේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.


පාපයට පාපය එකතුකරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නාවූද, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නාවූද,


මක්නිසාද බලකොටු නුවර කාන්තාරය මෙන් පාළුවූ අත් අරිනලද නිවාසයක්ව, හුදකලාව තිබේ. වස්සා ඒකේ තෘණ කන්නේය, ඌ එහි ලැග ඒකේ අතු කන්නේය.


එසේය, කපන කාලයට පළමුවෙන් වැඩීම තීන්දුවී මල්වලින් ඵල සෑදී ඉදෙන විට, උන්වහන්සේද කැතිවලින් රිකිලි කපාදමා අතුත් කපා පහකරනවා ඇත.


එබැවින් ස්වාමීන්වහන්සේ හිස සහ වල්ගයද තල්අත්ත සහ පන්ගසද එක දවසේදීම ඉශ්‍රායෙල්ගෙන් කපාදමනසේක.


උන්වහන්සේ බොහෝ වර ඔවුන් මිදූසේක; නුමුත් ඔව්හු ස්වකීය මන්ත්‍රණයෙන් කැරළිගසා, ස්වකීය අයුතුකම නිසා පහත්කරනු ලැබුවෝය.


මෙසේ ඔව්හු ස්වකීය කර්මාන්තවලින් කිලුටුව, තමුන්ගේ ක්‍රියාවලින් වේශ්‍යාකම්කළෝය.


ගෙයිදී භීතියද වන්නේය; එය තරුණයා සහ කන්‍යාවද කිරි දරුවා සහ පැසුණු හිසකේ ඇත්තාද විනාශකරන්නේය.


නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.


මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.


මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.


කඩුවක් කල්දිවරුන්ද බබිලෝනියේ වැසියන්ද ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද පිටට පැමිණේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.


මක්නිසාද ඉශ්‍රායෙල් මුරණ්ඩු එළදෙනෙක් මෙන් මුරණ්ඩුවූවාය. දැන් ස්වාමීන්වහන්සේ ඔවුන් බැටළුපැටවෙකු මෙන් විශාල ඉඩමක පෝෂ්‍යකරනවා ඇත.


එප්‍රායිම් දේවරූපවලට බැඳි සිටියි; ඔහු නිකම් සිටියාවේ.


ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන් ගැනම දිවුරමින් සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක, මම යාකොබ්ගේ තේජසට පිළිකුල්කොට, ඔහුගේ මාළිගාවලට ද්වේෂකරමි. එබැවින් මම නුවර සහ එහි සියල්ලද පාවාදෙන්නෙමි.


මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්