Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 9:25 - Sinhala Revised Old Version

25 එහෙත් උත්තම පූජකයා අන්‍ය ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට ඇතුල්වන්නාක්මෙන් උන්වහන්සේ බොහෝ වර තමන්ම ඔප්පුකරන පිණිස [ඇතුල්වුණා] නොවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට, ඇතුළු වන්නාක් මෙන්, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණිස ඇතුළු නො වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 ඒ, වසරක් පාසා උත්තම පූජකයා තමන්ගේ නො වන ලේ ගෙන, ශුද්ධස්ථානයට ඇතුළු වන ලෙස නැවත නැවතත් තමන්ම යාගවන්නට නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට, ඇතුළු වන්නාක් මෙන්, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණිස ඇතුළු නො වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 9:25
9 හුවමාරු යොමු  

එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.


නුමුත් දෙවෙනි මණ්ඩපයට උත්තම පූජකයා පමණක් අවුරුද්දකට එක වරක් ඇතුල්වේ. ඒත් ලේ නැතුව නොවේය, ඒ ලේ ඔහු තමා උදෙසාත් සෙනඟගේ වැරදි උදෙසාත් ඔප්පුකරන්නේය.


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,


එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.


ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.


ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.


මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්