Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 9:23 - Sinhala Revised Old Version

23 එබැවින් ස්වර්ගයේ තිබෙන දේවල සටහන් මේවායින් පවිත්‍රකරන්ට ඕනෑව තිබුණේය; නුමුත් ස්වර්ගීය දේවල්ම මේවාට වඩා උතුම් පූජාවලින් පවිත්‍රකරනු ලබන්ට යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම්, ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 එබැවින්, ස්වර්ගීය දේවල අනුරූප, මෙම වත් පිළිවෙත් මඟින් පවිත්‍ර කරනු ලැබීම අවශ්‍යව තිබුණ ද, ස්වර්ගීය දෑ උදෙසා මීට වඩා උතුම් යාග අවශ්‍ය විණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම්, ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 9:23
14 හුවමාරු යොමු  

මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන.


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.


මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.


ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන,


ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය.


ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,


ක්‍රිස්තුස්වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්ට යුතුව තිබුණා නොවේද කියා,


මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන.


මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.


එබැවින්, නුඹලා ඔහුගේ කාරණා ගැන වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ, හෙට නුඹලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමඟ අධිපතියාට දන්වා අරින්න. ඔහු මෙහාට ළංවෙන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්