Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 8:9 - Sinhala Revised Old Version

9 ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා විසින් ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේය; මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණෝය, මමද ඔවුන් නොසැලකුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 එය, ඊජිප්තු දේශයෙන්, ඔවුන් පිටතට ගෙනෙන පිණිස, මා ඔවුන්ගේ පියවරුන්ගේ අතින් අල්ලාගෙන, ඔවුන් සමඟ කළ ගිවිසුම වගේ නො වේ. මන්ද ඔවුන් දිගටම මාගේ ගිවිසුමේ පැවතුණේ නැත. එබැවින් මමත් ඔවුන් නො සලකා හැරියෙමියි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 8:9
44 හුවමාරු යොමු  

ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය; සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය.


උන්වහන්සේ අන්ධයා අතින් අල්ලා, ගමෙන් පිටතට ගෙනැවිත්, ඔහුගේ ඇස්වලට කෙළගසා, ඔහු පිට අත් තබා: ඔබට යමක් පෙනේදැයි ඔහුගෙන් ඇසූසේක.


ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය.


සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.


නුඹලා මේ කාරණය දෙවෙනි වරත් කර, ස්වාමීන්වහන්සේගේ පූජාසනය කඳුළුවලින්ද ඇඬීමෙන්ද සුසුම්ලෑමෙන්ද වසන්නහුය. එබැවින් උන්වහන්සේ පූජාව තවත් නොසලකනසේක, නුඹලාගේ අත්වලින් සතුටු සිතින් එය පිළිනොගන්නාසේක.


නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගිවිසුම කඩකරන ලෙස දිවුරුම සුළුකළාවූ නුඹ කළ හැටියටම මම නුඹට කරන්නෙමි.


මම නුඹ ළඟින් ගොස් බැලූ කල, නුඹේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම්දී, නුඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, නුඹද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.


එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.


තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? ජම්බු ගස යටදී මම නුඹ පිබිදෙවු වෙමි. එහි නුඹේ මෑණියෝ නුඹ ගැන රුජා වින්දාහ, එහි නුඹේ දිනිතිය බිහිකරන වේදනාවෙන් සිටියාය.


උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.


තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.


ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.


දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත.


එවිට මනුෂ්‍යයෝ කථාකොට: ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම ඔවුන් අත්හැර ගොස්,


නුඹලාගේ ප්‍රධානියෝද නුඹලාගේ ගෝත්‍රද නුඹලාගේ වැඩිමහල්ලෝද නුඹලාගේ මුලාදෑනීහුද වන සියලු


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.


උන්වහන්සේද: බලව, මම ගිවිසුමක් කරන්නෙමි. මුළු පොළොවෙහි හෝ කිසි ජාතියක් අතරෙහි හෝ කරනු නොලැබූ පුදුම දේ නුඹේ මුළු සෙනඟ ඉදිරියෙහි කරන්නෙමි. නුඹ යම් සෙනඟක් අතරෙහි සිටිනෙහිද ඒ මුළු සෙනඟ ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව දකින්නෝය; මක්නිසාද මා නුඹ සමඟ කරන දේ භයානක දෙයක්ය.


එහෙත් ඔහු ප්‍රමාදවුණ කල්හි ස්වාමීන්වහන්සේ ඔහු කෙරෙහි ඇති දයාව නිසා ඒ මනුෂ්‍යයෝ ඔහුගේ අතද ඔහුගේ භාර්යාවගේ අතද ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්ද අල්වාගෙන ඔහු ගෙනගොස් නුවරින් පිටත සිටෙවුවෝය.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.


ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් භේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔව්හු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.


ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත.


මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක.


මිසරයෙහිදීත් රතු මුහුදේදීත් සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි කාන්තාරයේදීත් පුදුමද හාස්කම්ද කොට මේ මනුෂ්‍යයා ඔවුන් පිටතට ගෙනගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්