Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 3:11 - Sinhala Revised Old Version

11 ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමියි කියන ලෙස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි මාගේ උදහසින් දිවුළෙමි ය’යි කීවෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 මාගේ උදහසින් මා දිවුරූ ලෙස, ‘මාගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි මාගේ උදහසින් දිවුළෙමි ය’යි කීවෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 3:11
13 හුවමාරු යොමු  

මක්නිසාද අදහාගත් අපි ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙමුව; ඒ ප්‍රකාරයට: මාගේ උදහසින් දිවුළ ලෙස ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ කියා තිබේ. එසේවුවත් ලෝකය මැවීමේ සිට වැඩ නිමවී තිබුණේය.


අපි ශෙරෙද් ඔයෙන් එතරවීමු. අප කාදෙෂ්-බර්නේය කෙරෙන් පිටත්වී ශෙරෙද් ඔයෙන් එතරව යුද්ධකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ ලෙස සෙනඟ අතරෙන් නැතිවී යන තුරු ගතවුණු කාලය තිස් අට අවුරුද්දක්ය.


එබැවින් දෙවියන්වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ.


නැවත මේ පදයෙහිත්: ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි කියා තිබේ.


එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.


ස්වාමිවූ මම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක.


දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.


එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්