Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 12:20 - Sinhala Revised Old Version

20 මක්නිසාද: මෘගයෙක්වත් කන්දේ හැපුණොත් ඌ ගල්ගසා මැරිය යුතුය කියා කළාවූ අණ ඔවුන්ට දරන්ට බැරිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මන්ද, “මෘගයෙකු වුව ද කන්දෙහි ගෑවුණොත්, ඌට ගල් ගසා මැරිය යුතු ය”යි කී අණ ඔවුන්ට දැරිය නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 මන්ද: “සතකු වුව කන්දේ ගෑවුණොත් ඌ ගල් ගසා මැරිය යුතු ය” යන නියෝගය ඔවුනට දැරිය නො හැකි වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මන්ද, “මෘගයෙකු වුව ද කන්දෙහි ගෑවුණොත්, ඌට ගල් ගසා මැරිය යුතු ය”යි කී අණ ඔවුන්ට දැරිය නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 12:20
6 හුවමාරු යොමු  

මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.


ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස ව්‍යවස්ථාව කරණකොටගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි.


ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.


තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්