Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 7:25 - Sinhala Revised Old Version

25 නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා! ඇගේ මාර්ගවල මං මුළා නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා! ඇගේ මාර්ගවල මං මුළා නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 7:25
10 හුවමාරු යොමු  

නුඹේ ශෝභනකම අනුන්ටත් නුඹේ අවුරුදු කෲර අයටත් නොදෙන පිණිසද,


අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.


ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා.


නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.


ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය.


නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.


මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය.


ඈ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්