Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 29:11 - Sinhala Revised Old Version

11 අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 29:11
7 හුවමාරු යොමු  

සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.


මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.


මිත්‍රයෙකු විශ්වාස නොකරන්න, හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ ළයෙහි සැතපෙන්නියගෙන් නුඹේ මුඛයේ දොරවල් රැකගන්න.


එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය.


නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.


බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.


ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඈට දැන්වූවාය: මා මව්කුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාශරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළංනොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්