Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 26:19 - Sinhala Revised Old Version

19 තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 26:19
6 හුවමාරු යොමු  

කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුතිකිරීම් පවත්වන්න.


නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය; නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥාවත් එසේමය.


නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් ඥානවන්තයා සෘජුලෙස හැසිරෙයි.


මෝඩයෝ වරද ගැන සරදම්කෙරෙති; එහෙත් අවංකයන් අතරේ දේව කරුණාව ඇත්තේය.


ඔව්හු දවාලෙහි ක්‍රීඩා ඝෝෂාව ප්‍රීතියක්යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු නුඹලා සමඟ මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ඝෝෂා පවත්වති;


කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්