Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 25:28 - Sinhala Revised Old Version

28 තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 25:28
8 හුවමාරු යොමු  

බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.


තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.


ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.


ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.


ඒ නිසා දැන් ඔබ ඒ දැනගන කුමක් කටයුතුදැයි කල්පනාකළ මැනවි; මක්නිසාද අපේ ස්වාමියාටත් ඔහුගේ මුළු පවුලටත් විරුද්ධව අනතුරක් නියමකර තිබේ. ඔහු වනාහි යමෙකුට ඔහු සමඟ කථාකරන්ට බැරි තරම් දුර්ජනයෙක්යයි කීය.


එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, නුඹට ලජ්ජාවත් නුඹේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස නුඹ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?


බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.


අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්