Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 23:6 - Sinhala Revised Old Version

6 අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කෑම නොකන්න, ඔහුගේ රස කෑමවලට ආශා නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න. ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න. ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 23:6
9 හුවමාරු යොමු  

ඔහුගේ රසවත් කෑමවලට ආශා නොවෙන්න, ඒවා රැවටිලි කෑමය.


අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා.


නුඹ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් නුඹේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, නුඹේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස නුඹේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ නුඹ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න.


මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය.


අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය.


කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.


මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ නුඹලා අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද,


තණ්හා, දුෂ්ටකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාසකිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්